News Line| Off Air
Generic placeholder image

Aug
18

හදීසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරා ගත හැකි විදිය මෙන්න

2027 Views


හදීසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරා ගත හැකි විදිය මෙන්න

මේ ජීවිතය හරිම කෙටියි. කොයි මොහොතේ අපිට මෙම ජීවිතයට සමුදෙන්න වෙයිද කියලා කවුරුත්ම දන්නේ නෑ. ඒ නිසා අපේ ජීවිතය කොයිම හෝ මොහොතක නැතිවෙන්න පුළුවන්. එත් අපි ආස නැද්ද ස්වල්ප කාලයක් හරි ඉදිරියට ජිවත් වෙන්න.

මේ ඒ පිළිබද සටහනක්,

අද ලෝකයේ බොහෝ දෙනකුට වැළදෙන මාරාන්තික රෝග අතර ඉතා සුලබ රෝගයක් තමයි HEART ATTACK කියන්නේ. ලෝකයේ සෑම දිනකම මෙම රෝගය හේතුවෙන් බොහෝ මිනිසුන් මිය යනවා. බොහෝ විට හදිස්සියේදී ඇතිවන මෙම රෝගය ක්ෂණිකව හටගෙන ජීවිතය ද අහිමි කිරීමට සමත්.

ඔබ තනිවම වෙසන මොහොතක හදීසියේම ඔබට පපුවේ වේදනාවක් ආවොත් ඒ සමගම එම වේදනාව ඔබේ උරහිස, ගෙල, යටි හණුව දක්වාද විහිදේ එවන් අවස්ථාවක එනම් , හදීසි හෘදයාබාධයකදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගන්න විදිය මෙන්න.

මෙවන් හදීසි හෘදයාබාධයකදී සිදු වන්නේ හෘදය නියමාකාර රිද්මයෙන් ස්ඵන්දනය නොවීම තුලින් ඔබගේ මොලයට රුධිර සැපයුම අඩාල වීමයි. එවිට ඔබට ක්ලාන්ත ගතියක් ඇති වන අතර වඩා වැදගත්ම කාරණය වන්නේ මෙවන් මොහොතක ඔබට ජිවත් වන්නට ඇත්තේ තව තප්පර 10 ක් පමණ කාලයක් වීමයි. මෙම තත්පර 10න් පසුව ඔබට සිහි නැතිවී යනු ඇත. ඒ අනුව මෙම වටිනා තත්පර 10 තුලදී ඔබේ ජීවිතය ඔබ විසින්ම බේරාගත යුතුව තිබෙනවා.

ඒ මොහොතේම ඔබ කල යුත්තේ ගැඹුරු හුස්ම හා ගැඹුරු කැස්සක් පවත්වාගෙන යාමයි. ගැඹුරු හුස්මක් ලබාගැනීමෙන් පසුව එක පෙලට නොනවත්වා ගැඹුරු කැස්සක් පවත්වාගෙන යාමෙන් ඔබට ඔබ විසින්ම පපු තෙරපුමක් ලබා දෙනු ලබනවා. උදාහරණයක් ලෙස, ඔබේ පපුවේ සෙම ඇති විටෙක එම සෙම පපුවෙන් ඉවත් කිරීමට ඔබ දරන වෙහෙසට සමාන දෙයක්. මෙම ගැඹුරු හුස්ම හා කැස්ස පිලිවෙලින් තත්පර 2 වරක් නොකඩවා සිදු කල යුතුව තිබෙනවා.

එම ගැඹුරු හුස්ම ඔබගේ පෙනහලු තුලට ඔක්සිජන් ලබා ගැනීමට උපකාර කරන අතර ගැඹුරු කැස්ස- හෘදය තෙරපුමටලක් කිරීමෙන් අක්‍රිය වීමට යන ඔබගේ හෘදය නැවත පණ ගන්වාලීමට හැකිය.


News Articles
Latest Videos
Most Popular Post