නිදන්ගත කැක්කුමක් හෝ වේදනාවක් සඳහා පැරසිටමෝල් සහ ඉබුප්‍රොෆෙන් වැනි, බහුලව භාවිත කෙරෙන වේදනා නාශක නිර්දේශ නොකරන ලෙස බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ට උපදෙස් ලැබී තිබෙනවා.
එමෙන්ම එවැනි වේදනා නාශක දීර්ඝ කාලීනව භාවිත කිරීමේදී හානිකර විය හැකි බවට සාධක පවතින බව ද දැනට සොයාගෙන ඇති කරුණක්.

The National Institute of Health and Care Excellence (NICE) සංවිධානය මගින් මෙසේ දැනුම් දී ඇති අතර ඔවුන් සකසා ඇති උපදෙස් ලේඛනයේ සඳහන් වන්නේ නිදන්ගත වේදනා සඳහා පැරසිටමෝල් හෝ ඉබුප්‍රොෆෙන් වැනි බහුලව භාවිත කෙරෙන වේදනා නාශක වෙනුවට විෂාදනාශක (antidepressants), කටු චිකිත්සාව (acupuncture) හෝ මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා දීම සුදුසු බවයි.
මීට අමතරව නිදන්ගත වේදනා සහිත රෝගීන් සඳහා ඔපියම් ශාකයේ පවතින රසායනයන් සහිත ඖෂධ වර්ග (opioids) නිර්දේශ කිරීම ද නුසුදුසු බව මෙම බ්‍රිතාන්‍ය උපදෙස් මාලාවෙන් අවධාරණය කර තිබෙනවා.

වේදනා නාශකයක් ලෙස භාවිතා කරන ඉබුප්‍රොෆෙන් සහිත ඖෂධ වර්ගවලින් “එම වේදනාව සහිත පුද්ගලයාගේ ජීවන තත්වයට, මානසික පීඩාවට හෝ එම වේදනාවට කිසිදු වෙනසක් ඇති නොවන” බවද එම වෛද්‍යවරුන් සඳහන් කරනවා.
මෙම ඖෂධ දෙවර්ගයම ආමාශයට සහ අක්මාවට හානි පැමිණවීමේ අවදානමක් සහිත බව වැඩිදුරටත් කල පරීක්ෂණ වලින් සනාථ වී තිබෙනවා.
මුලාශ්‍රය – BBC