විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී නවක වදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කල යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
නවක වදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කර සිටියා.
එමෙන්ම රැකියා අපේක්ෂාවන් බලගැන්වීම, විෂය නිර්දේශයන් සකස් කිරීම, භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා වෘත්තිය උපදේශනය සඳහා ක්‍රමානුකූල ප්‍රතිපාදනයන් ඇති කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.