ගංජා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන THC සංකීර්ණය අධික මට්ටමින් අන්තර්ගත වෙන ශාක විශේෂයක් වනවා.
ගංජා ශාකයේ අන්තර්ගත එම උත්තේජනකාරී ගුණය පිළිබඳව එකල මිනිසුන් හොඳින් දැන සිටින්නට ඇතැයි විද්‍යාඥයෝ මත පල කරන අතර එහි අන්තර්ගත තෙල් සහිත ඇට සහ කෙඳි ලබා ගැනීම සඳහා ක්‍රි. පූ. 4,000 ට පෙර පවා මිනිසුන් ගංජා වගා කරන්නට ඇති බවත් ඔවුන්ගේ අදහසයි.
මීට සමගාමීව අවුරුදු 2500 කට පෙර මිනිසුන් ගංජා (කංසා) දුම පානය කරන ලද බව තහවුරු කෙරෙන සාක්‍ෂි බටහිර චීනයේ සොහොන් ගැබකින් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් තිබෙනවා.

මෙසේ පැරැන්නන් ගංජා දුම් පානය කරන්නට ඇත්තේ චාරිත්‍රයක් හෝ එසේත් නැත්නම් ආගමික වතාවක් වශයෙන් විය හැකි බවත් පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයෝ මත පල කරනවා.
විද්‍යාඥයන් මතට යොදාගත හැකි ගංජා ශාකය සොයාගනු ලැබ තිබෙන්නේ බටහිර චීනයේ සොහොන් ගැබක අඟුරු කබල්වල දැවුණ දර අතරින් වන අතර අවමංගල චාරිත්‍රයක් වශයෙන් ද ගංජා ශාක දැවූ බවක් දක්නට ලැබෙනවා.
එමෙන්ම මෙම සොයා ගැනීම් අනුව චීනයේ ‘ෂින්ජියෑන්’ පළාතේ සොහොන් බිම්වල ගංජා තිබුණ බවට ලැබී තිබුණ සාක්‍ෂි සමඟ අනුකූල වූ බවත් නිරීක්ෂණය වී තිබෙනවා.
මුලාශ්‍රය – BBC