ආසියානු රටවල බොහෝ මිනිසුන් තමන්ගේ සමේ පැහැය වෙනස් කර ගැනීම වෙනුවෙන් බොහෝ දේවල් සිදු කිරීමට පෙළඹීම බහුලව දක්නට ලැබෙන කරුණක්. මෙය බොහෝවිට සමාජයට දිස්වන්නේ මෙම රටවල සිනමාකර්මන්තයෙනි. එනම් චිත්‍රපටයක රඟපෑමට පැහැපත් සමක් තිබිය යුතු බව පොදු මතයක් වී තිබීමෙනි.
එමෙන්ම බොහෝ දැන්වීම් මගින් ප්‍රදර්ශනය වන පැහැපත් සමක් විශේෂයෙන් සුදු සමක් සහිත කාන්තාවන් තම සැමියා සමඟ සතුටුන් ජිවත් වන බව හැගවෙන අදහස් සමාජ ගත කරන වෙළඳ දන්විම්ය.
ඉන්දියාව වැනි ආසියානු රටවල් සම පැහැපත් කිරීම පිළිබඳව බොහෝ කැමැත්තක් දක්වන බව පෙනෙන්නට තිබෙන අතර නවසීලන්තය වැනි රටවල් වල ගාර්නියර් සහ ඔරියල් ව්‍යාපාර මගින් කිසි විටෙක සම පැහැපත් කිරීමේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට පියවර නොගන්නා බවට තීරණය කර තිබෙනවා.
මෙම වසරේ ජුනි මාසයේ ඔරියල් සමාගම මගින් ඔවුන්ගේ නිෂ්පාදිත වලින් “white”, “fairness” සහ “light” යන වචන ඉවත් කර තිබෙනවා. නමුත් මොවුන් දකුණු ආසියානු රටවල සම පැහැපත් කිරීමේ නිශ්පාද මින් පෙර පුළුල් ලෙස අලෙවි කිරීමට පෙළඹීමක් තිබු ව්‍යාපාර වනවා.
මේ සියල්ල ජනගහනයෙන් වැඩි පිරිසක් අඳුරු සමක් ඇති රටවල් වල එනම් සමකයට සමීපව ජීවත්වීමත් සමඟ සූර්යයාගේ රළු පාරජම්බුල කිරණවලින් ආරක්ෂා වීම අලෙවිකරණ සංකල්පය ලෙස භාවිතා කර අලෙවි කරන ලද රටවල් වනවා.
සමේ වර්ණය අනුව පුගලයන් වෙන් කර දැක්වීම බොහෝ කලක පටන් ලොව විවිද රටවල සිදු වූ අතර එය කළු සමක් හිමි ප්‍රජාව තුළ පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය වූ සංසිද්ධියක් වන වේ. එමෙන්ම මෑතක් වන තුරුම ලොව විවිධ රටවල සමේ වර්ණය මුලික කර ගනිමින් ගැටළු ඇති වීමක් දක්නට ලැබෙනවා.

එහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 2020 මැයි මාසයේ දී ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමත් සමඟ ලොව පුරා විරෝධතා සහ වර්ණවාදයට එරෙහි සංවාදවලට ආරම්භ වීමයි. මේ සිදුවීමෙන් පසු දකුණු ආසියානු රටවල ජනතාව අතරද මේ පිළිබඳව කථිකාවක් ඇති වුණා.
ඉන්දියානු මැච්මේකින් නමින් නව නෙට්ෆ්ලික්ස් රියැලිටි කතා මාලාවක් මගින්ද මෙම වර්ණවාදය පිළිබඳව සැලකිය යුතු විවාදයක් ඇති කිරීමට සමත් වී තිබෙනවා.
මෙසේ සමාජය තුලින් පැනනගින විරෝධතා මගින් ප්‍රසිද්ධ සංස්කෘතින් වල ඇති වර්ණවාදී අදහස් පිළිබඳව ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇති අතර එවැනි අදහස් වලට විරෝධය දක්වමින් ඔවුන් විසින්ම වෙනස්කම් ඇති කිරීමට පටන් ගෙන තිබෙනවා.
මේ සමාජ කතිකාවතේ ප්‍රථිපලයක් ලෙස මේ වන විට ලෝකයේ ප්‍රසිද්ධ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කරන ආයතන සම පැහැපත් කිරීම මුල් කරගෙන තම ප්‍රචාරණයන් සිදු කිරීමට නැවත්වීමට පියවර ගෙන තිබෙනවා.
මුලාශ්‍රය – BBC