News Line| Off Air
Generic placeholder image

Aug
19

ලෝකයේ සුවිශේෂීම සංචාරක සමාජය

411 Views


ලෝකයේ සුවිශේෂීම සංචාරක සමාජය

ඕල්සන් ලෝක ධාවකයන්ගේ සමාජය ආරම්භ කළේ ඔහු මුහුණදුන් දුෂ්කර ගමනකින් පසුව ය. එය දැනට ලෝකයේ පවතින වඩාත්ම සුවිශේෂී සංචාරක සමාජය වන අතර පුද්ගලයෙකුට මෙම සමාජයට සම්බන්ධ වීම එතරම් පහසු කාර්යයක් නොවේ.

මෙම සමාජය ලෝක ධාවකයන්ගේ සංගමයේ (WRA) හස්තයක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි වෙබ් අඩවිය සංගමයේ සභාපති විසින් අධීක්ෂණය කරනු ලබයි. ක්‍රීඩාව සඳහා නිල නීති මාලාවක් ඇති අතර ක්‍රීඩාව පිළිබඳව උනන්දුවක් දක්වන අය සඳහා මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වනවා.

ලෝක ධාවකයන්ගේ සමාජයට සාමාජිකත්වය ලබා ගැනීමට සුදුසුකම් ලැබීමට නම්, ඔබ සැලකිය යුතු දුරක් ලෝකය වටා සංචාරය කර තිබිය යුතු අතර එය සම්පූර්ණ ලේඛනගත වාර්තාවක් මගින් ඉදිරිපත් කල යුතු වනවා.

එනම් සාමාජිකත්වය අපේක්ෂා කරන පුද්ගලයා මහාද්වීප හතරක් තරණය කළ යුත්තේ එක් ප්‍රධාන සාගරයක සිට තවත් සාගරයකට ය. අවම වශයෙන් ආවරණය කල යුතු කිලෝමීටර ප්‍රමාණය 26,232KMක් වනවා.

මේ වන විට ලෝක ධාවකයන්ගේ සමාජයේ සාමාජිකයින් හය දෙනෙකු පමණක් සිටින අතර ඔවුන් ඔල්සන්, ඩෙනිස්, කෙවින් කාර්, සර්ජ් ගිරාඩ්, ටෝනි මංගන් සහ රෝසි ස්වේල් පාප් වනවා.

ලෝක ධාවකයන්ගේ සමාජය පිළිබඳ අමුතු හැඟීමක් මිනිසුන් තුල නිසැකවම ඇති වන නමුත් යථාර්ථය නම් මෙම කණ්ඩායම් ශූරයින්ට වඩා සහජයෙන්ම මනුෂ්‍යයෙකු සතු හැකියාවට මුලිකත්වය දෙනු ලබයි. ගිනස් ලෝක වාර්තාවලට අනුව 1897 තරම් ඈත අතීතයේ සිට ලෝකය පුරා පයින් ගමන් කිරීමට පෙළඹෙන්නන් සිට ඇති අතර එයට උත්සාහ දැරූ බොහෝ දෙනෙක් සිටී.

එනම් අපේ මිහිතලය හරහා ගමන් කිරීමේ දාර්ශනික පැතිකඩ අදටත් ලෝක ධාවකයන්ගේ වින්දනයේ විශාල කොටසක් බව මෙමගින් සනාථ කල හැකිය.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post