දෙහිවල ජාතික සත්ව උද්‍යානය එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන යෑම සදහා යෝජනවක් ඉදිරිපත්ව තිබෙනවා. එම යෝජනාව පිලිබදව විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා.
මේ අනුව දෙහිවල සත්ව උද්‍යානය පිළියන්දල කහපොළ ප්‍රදේශයට ගෙන යාම සදහායි මෙම යෝජනාව ඉදිරිපත්ව තිබෙන්නේ. සතුන් කූඩු කර ඇති කිරීම වෙනුවට නවීන ලෝකයට ගැලපෙන පරිදි සත්ව හිංසනයෙන් තොරව මෙම සත්ව උද්‍යානය පවතවාගෙන යෑම අවශ්‍ය බවයි සදහන් වන්නේ.
මේ අනුව මේ පිලිබදව වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද අමාතවරයා බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.