ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
ක්‍රීඩාවේ දියුණුව එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය මෙන්ම ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නගාසිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්යභාරයන් ලෙස සඳහන්.
ඒ අනුව නාමිකව උපදෙස් පමණක් ලබාදෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්යශූර, ඵලදායී ප්‍රතිඵල හා ජයග්‍රහණයන් අත්කරදීම සඳහා බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස නව ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව ක්‍රීඩා අමාත්‍ය වරයාගේ අදහස වී තිබෙනවා.