බර්මිංග්හැම් බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති අචාර්ය පූජ්‍ය විතාරන්දෙණියේ කස්සප නායක හිමියන් ඉදිකළ මෙම මහා විහාරය මහල් හතරකින් සමන්විත වනවා. ඊට ඉහළින් තමයි චෛත්‍යය ඉදිකරන අතර මෙය යුරෝපයේ විශාලතම ථේරවාදී බෞද්ධ මහා විහාරය ලෙස හැඳින්වීමේ වරදක් නොමැත.
මෙහි බුදු මැදුර, පුස්තකාලය, දාන ශාලාව, චෛත්‍යය පමණක් නොව වන්දනා මාන කරන්න එන අයට නැවතීමේ පහසුකම් පවා මෙහි ලබා දෙනවා.
මෙම පන්සල වන්දනා මාන කරන පිරිසට හෝටල් කාමර වෙන් කරගන්න උවමනාවක් නොමැති බවත් පන්සලේම නතර වී ධර්මය හදාරන්න පුළුවන් බවත්, වන්දනා කරන්න පුළුවන් වගේම, පූජා සහ දාන මාන කටයුතු කරන්න පුළුවන් ලෙස පහසුකම් සලසා ඇති බව කස්සප නායක හාමුදුරුවෝ පැවසූහ.
බර්මිංග්හැම් බෞද්ධ මහා විහාරය දුටු විට කළුතර බෝධිය ඉදිරිපස ඇති විහාර ගොඩනැගිල්ල සිහිපත් වන අයුරින් මෙය නිර්මාණය කර ඇති අතර ඉහළ මාළයේ ඉදිවන්නේ රුවන්මැලි සෑයට සමාන හැඩයකින් යුත් චෛත්‍යයකි වනවා.
මෙම ප්‍රදේශය අවට බුදු දහම අදහන ඉන්දියානුවන් ද සිටින බැවින් ඔවුන් සඳහා දේවාලයක් ද මෙම විහාරය තුළ ම ඉදි කිරීමට පියවර ගෙන ඇති බව විහාරාධිපති හිමියෝ පැවසූහ.
බර්මිංග්හැම් මහා විහාරය ඉදිකිරීම සඳහා මෙම භූමිය සහ ගොඩනැගිල්ල මිල දී ගෙන ඇත්තේ 2005 වසරේ වන අතර මේ වන විට ඉහළ මහලේ චෛත්‍යය හැරුණු කොට බුදු මැදුර, දාන ශාලාව, පුස්තකාලය ආදී අනෙකුත් සියලු අංග මේ වන විට ඉදි කොට අවසන් වනවා.
ඇසල පුන් පොහෝ දවසේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මෙහි මුල්ගල් තැබීමේ වතාවත් සිදු කෙරී තිබුණා.
බර්මිංග්හැම් මහා විහාරයේ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු සඳහා හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි භක්තිකයන් ගේ ආධාර උපකාර ද නොඅඩුව ලැබී තිබීම විශේෂත්වයක් වන අතර විවධ ජාතීන් සහ විවිධ ආගම්වලට අයත් පිරිස බුදු දහම පිළිබඳව දැනුමක් ලබා ගැනීම සඳහා බොහෝ වශයෙන් බර්මිංග්හැම් මහා විහාරයට පැමිණෙනවා.
මුලාශ්‍රය – BBC