රාජකීයත්වය අත්හල හැරී-මේගන් යුවලගේ හොලිවුඩ් ආගමනය සඳහා මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බවට ඔවුන්ට සමීප මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර දැනටමත් ඔවුන් හොලිවුඩ් සම්බන්ධ රහස් ව්‍යාපෘතියකට සම්බන්ධ වී කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් සඳහන් කරනවා.
මේ අතර ඔවුන් හොලිවුඩ් වලට සමීප කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා නගරයෙන් නිවසක් ද මිලදී ගෙන තිබෙන අතර හැරී කුමරුගේ හොලිවුඩ් ආගමනය පිළිබඳව පුවත ඇසීමෙන් ඔවුන්ගේ රසිකයන් ඉමහත් සතුටට පත් වී සිටින බව වැඩිදුරටත් වාර්තා වනවා.