News Line| Off Air
Generic placeholder image

Aug
24

අවුරුදු 100ක් පැරණි අවයවය බද්ධ කිරීම

393 Views


අවුරුදු 100ක් පැරණි අවයවය බද්ධ කිරීම

අක්මා රෝගයෙන් පෙළෙන 19 හැවිරිදි තුර්කි කාන්තාවකට හදිසි බද්ධ කිරීමක් අවශ්‍ය විය. පොරොත්තු ලේඛනයේ සිටියදී ඇය රක්තපාත එන්සෙෆලෝපති රෝගය වැළඳී තිබු අතර, ඇයගේ අවයව අක්‍රිය වීම හේතුවෙන් ඇගේ රුධිර ප්‍රවාහයේ විෂ ද්‍රව්‍ය වර්ධනය වීම හා ඇයගේ මොළයට හානි සිදු වී තිබුණා.

වැඩි කල් යන්නට මත්තෙන් ඇගේ අක්මාව මුළුමනින්ම අක්‍රිය වීමට පටන් ගත් අතර වෛද්‍යවරු ඇගේ ජීවිතය බේරා ගැනීමට ඉක්මන් පියවර ගැනීමට වුණා.

කාලයත් සමඟම, ඔවුන්ගේ එකම විකල්පය වූයේ වෙනත් රෝහල් විසින් ඒ වන විටත් ප්‍රතික්ෂේප කර තිබූ අක්මාවකි. එය නරක තත්ත්වයේ පවතින බව සලකනු ලබ තිබූ අතර එහි පරපෝෂිත ආසාදනයක් හේතුවෙන් ඇති වූ ගෙඩියක් හටගෙන තිබූ අතර එපමණක් නොව, එහි පෙර හිමිකරු මෑතකදී මියගිය 93 හැවිරිදි කාන්තාවක් වුණා. මෙම අවයවය බද්ධ කිරීමේ ප්‍රමිතීන්ට අනුව පැරණි තත්ත්වයේ පසුවන්නක් ලෙස වෛද්‍යවරු නිගමනය කර තිබුණා.

නමුත් මේ අවස්ථාවේ රෝගියාට ගැලපෙන වෙනත් අවයවයක් නොමැති වූ අතර වෙනත් විකල්පයක් නොමැති විය. මේ හේතුවෙන් මෙම ප්‍රතික්ෂේපිත අවයවය බද්ධ කිරීමට වෛද්‍යවරු තීරණය කරන ලදී. 2008 දී තුර්කියේ මලාටියා හි ඉනෝනු විශ්ව විද්‍යාලයේ අක්මා බද්ධ කිරීමේ සැත්කම සිදුකල අතර මෙම සැත්කම සාර්ථක වී තිබෙනවා.

මෙමගින් තරුණ ප්‍රතිග්‍රාහකයා දිවි ගලවා ගත් අතර වසර හයකට පසු නිරෝගී ගැහැණු දරුවෙකු බිහි කිරීමට හැකි ලෙස අයගේ ශරීරය ශක්තිමත් විය. ඇගේ දියණියගේ පළමු උපන්දිනය වන විට, කාන්තාවට වයස අවුරුදු 26 ක් වූ අතර ඇගේ අක්මාවේ සියවන උපන් දිනය සමරනු ලැබුවා.

අපගේ ආච්චිලා සීයලා තරම් පැරණි අක්මාවක් තිබීම කෙබඳුදැයි සිතා බැලීමට පවා නොහැකිය. නමුත් අපගේ සමහර අවයව වලට අපට ජීවත්වීමේ හැකියාව ඇති අතර හොදින් ක්‍රියා කිරීමේ හැකියාවද පවතිනවා.

මෙහි විශේෂත්වය නම් සැබෑ වයස ඔබ බලාපොරොත්තු වූවාට වඩා අඩු වැදගත්කමක් ඇති බවත් එය ඔබේ ජීව විද්‍යාත්මක වයස අතර විෂමතාවයක් ඇති බවත්ය.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post