ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සිය පවුල වෙනුවෙන් ශ්‍රී ලාංකික ව්‍යංජනයක් සකස් කරන අයුරු දැක්වෙන සෙල්ෆි ඡායාරූපයක් ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙන අතර මෙම ඡායාරූපය එරට ජනයා අතර මත බේදයක් ඇති කිරීමට සමත් වී තිබෙනවා.

ආහාර පිසින අයුරු මෙන්ම රම්පේ, කරපිංචා ආදිය දැක්වෙන රූපත්, පිසින ලද ආහාරයේ චයාරූප රැසක්ද සමාජ මාද්‍ය වෙත මුදා හැර තිබෙනවා.

තම දියණියන් දෙදෙනා හා බිරිඳ එයට ප්‍රිය කරන බව දක්වා ඇති අගමැති වරයා සෙනසුරාදා රාත්‍රිය යනු මාළු පිනි හදන දවස බවත් සියල්ල ශ්‍රී ලංකික ආහාර බවත් ඔහු වැඩිදුරටත් තම පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.