News Line| Off Air
Generic placeholder image

Aug
24

චිත්‍රපට නිෂ්පාදනයේ නව යුගය

1638 Views


චිත්‍රපට නිෂ්පාදනයේ නව යුගය

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නතර කෙරුණු චිත්‍රපට සහ රූපවාහිනී රූගත කිරීම් දැන් නැවත ලොව පුරා ආරම්භ වෙමින් පවතිනවා. නව ආරක්ෂක පියවරයන් යටතේ එක්සත් රාජධානියේ රජය රූපවාහිනිය සහ චිත්‍රපට රූගත කිරීම් නැවත ආරම්භ කිරීම ජුනි මාසයේ සිට සිදුවීමත් සමඟ නිෂ්පාදන ක්‍ෂේත්‍රය ක්‍රමයෙන් යළිත් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබෙනවා.

එක්සත් රාජධානියේ සහ ඉන් ඔබ්බෙහි නිෂ්පාදන පිළිබඳ විස්තර, චිත්‍රපට කාර්ය මණ්ඩලයමෙන්ම මෙම නව චිත්‍රපට නිෂ්පාදනයේ සාර්ථකව ගමන් කරන්නේ කෙසේද යන්න සලකා බැලීම වැදගත් වනවා.

උදාහරණයක් වශයෙන් බ්‍රිතාන්‍ය ජාතික ජෝන්ස් විසින් නිෂ්පාදනය කරන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක් වන සෙන්සර්හි නියාම් අල්ගාර් සහ මයිකල් ස්මයිලි ප්‍රධාන චරිත රඟ දක්වන අතර එය 2021 දී සිනමාහල් වල තිරගත වීමට නියමිතය.

මාර්තු මස අවසානයේදී, ජෝන්ස් සෙන්සර් සඳහා පිකප් (ප්‍රධාන ඡායාරූපකරණය අවසන් වූ පසු පටිගත කරන ලද දර්ශන හෝ දර්ශන) අධීක්ෂණය කිරීමට සූදානම් වෙමින් සිටියදී, කොවිඩ් -19 හේතුවෙන් නිෂ්පාදනය නවතා දැමීමටසිදුවුණා. නමුත් ඔවුන් මාර්ග උපදේශ අනුගමනය කරමින් නැවත රුගත කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව සෑම නිෂ්පාදනයක්ම ඔවුන්ගේ රූගත කිරීම්වල නිශ්චිත වර්ගයට හා ප්‍රමාණයට අනුකූලව කල යුතුව තිබෙනවා. මීට අමතරව කෝවිඩ් -19 සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ආරක්ෂක අධීක්ෂකවරයෙකු සෑම දිනකම රූගත කිරීම් සිදු කරන ස්ථානයට යොදා තිබෙනවා.

මෙහිදී උපදෙස් දෙන්නේ හැකි සෑම තැනකම සමාජ දුරස්ථභාවයට අනුගත විය යුතු බවත් මීටර් දෙකක දුරස්ථ රීතිය කළ නොහැකි තැනක, යම් ක්‍රියාකාරකමක් හෝ දර්ශනයක් සඳහා ගත කරන කාලය සීමා කිරීම හෝ පුද්ගල සංඛ්‍යාව අඩු කිරීම වැනි අවම කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කල යුතු බවයි.

නගර මහජනයා වෙත නැවත විවෘත කිරීමෙන් පසුව රූගත කිරීම්වලදී මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට නව ක්‍රම සොයාගෙන ඇති අතර වෙනම නීති මාලාවක් ඔස්සේ රූගතකිරීමේ කටයුතු සිදු කරගෙන යාමට චිත්‍රපට ක්ෂේත්‍රයේ සිටින්නන්ට සිදු වී තිබෙනවා.

කොවිඩ්තා-19 හේතුවෙන් තායි සහ බොලිවුඩ් චිත්‍රපට වල ආදර දර්ශන මුළුමනින්ම තහනම් කර ඇති අතර, නෙට්ෆ්ලික්ස් ප්‍රදර්ශනය වන රිවර්ඩේල් හි තිර පිටපතද නවීකරණය කර තිබෙනවා.

අවසාන වශයෙන්, මෙම නව ක්‍රමවේදයන් හේතුවෙන් කර්මාන්තය පුරා නළු නිළියන්ගේ පුද්ගලික ආරක්ෂාව පිළිබඳ අවධාරණය කිරීමේ ස්වභාවය වැඩි වන අතර ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට මූලිකත්වය දෙමින් නිර්මාණ කිරීමේ නව ප්‍රවණතාවක් ඇති වී තිබෙනවා.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post