News Line| Off Air
Generic placeholder image

Aug
24

අයිස් කැට වලින් ලස්සන වන විදිය මෙන්න

3643 Views


අයිස් කැට වලින් ලස්සන වන විදිය මෙන්න

ලෝකයේ සෑම කාන්තාවක්ම පාහේ ලස්සනට ඉන්න කැමතියි. මේ නිසාම ඔවුන් ලස්සනට ඉන්න නොයෙකුත් දේවල් සිදු කරනවා. ඒ අතර මිල අධික රුපලවනය කටයුතු ද කරනු ලබනවා දක්නට ලැබෙන කරුණක්.

මේ හේතුව නිසාම කාන්තාවන්ට ලස්සන වන්න සරල ක්‍රමයක් ගැන ඔබව දැනුවත් කරන්න හිතුනා. බොහෝ විට මෙම ප්‍රතිකාරය ඔබ මිට පෙර අසා ඇති..නැතිනම් අත්හදා බලා තියෙන්න පුළුවන්.. කෙසේ වෙතත් ඔබට සරලව දැනුවත් වන්න හා හොද ප්‍රතිපල මෙම සටහන් කියවීමෙන් ගත හැකි හැකි බව අපගේ විශ්වාසයි.

අයිස් කට වලින් නැතිනම් අයිස් කියුබ් සත්කාරය පිලිබදවයි අද අපි ඔබව දැනුවත් කරන්නේ..මෙම සත්කාරය කොරියාව ඇතුළු රටවල ඉතා ජනප්‍රිය සත්කාරයක් වන අතර මෙහිදී ඔබ කල යුත්තේ රාත්‍රී නින්දට යෑමට පෙර මුහුණ හොදින් සෝදා අයිස් කැට කිහිපයක් පොලිතින් කවරයකට දමා එය ගෙන ඔබේ මුහුණ හා ගෙල ආශ්‍රිතව හොදින් සම්බාහනය කරන්න. ඒ තුලින් ඔබගේ මුහුණේ ඇති රැළි ගතිය අඩුකර තරුණ පෙනුම රැකගැනීමට උදව් කරයි.

එමෙන්ම මෙම අයිස් සම්බාහනය තුලින් සම මත කරන ආලේපන දුරටත් අවශෝෂණය කරගැනීම සදහා උපකාර කරනවා. ඔබ රාත්‍රී නින්දට යෑමට පෙර රාත්‍රී පෝෂණ සත්කාරයක් ආලේප කරන්නේ නම් එය වඩාත් හොදින් සම මත අවශෝෂණය කිරීම සදහා මෙම සත්කාරය ඔබට උදව් කරයි.

මේ අතර මුහුණේ ඇති අදුරු ලප ඉවත් කිරීමට රෝස යුෂ හා පිපිඤ්ඤා යුෂ අයිස් කැට වශයෙන් සකසා ගෙන මුහුණේ හොදින් සම්බාහනය කිරීමෙන් මුහුණේ අදුරු ලප ඉවත් කර ගත හැකිය. එමෙන්ම කුරුලේ ඉවත් කර ගැනීමට ද මෙම සත්කාරය ප්‍රයෝජනය කර ගන්න පුළුවන්. ඒ තුලින් මුහුණේ ඇති තෙල් ඉවත් කිරීමට උදව් කරනවා.

තවදුරටත් ඇස්වල ඉදිමුව අඩු කරගැනීමට ද මෙම අයිස් කැට වක්‍ර ආකාරයෙන් මසාජ් කිරීම තුලින් එම ඇස්වල ඇති ඉදිමුව ගතිය අවම කර ගත හැකිය. මුහුණ මේකප් කිරීමේදී ඉතා ඉක්මනින් මැකීම වලක්වා ගැනීම සදහා ද මෙම අයිස් සත්කාරය ඔබට උපකාර කර ගත හැකිය.

තොල් මෘදුව තබා තබා ගැනීමටද මෙම සත්කාරය සිදු කල හැකිය. ඒ තුලින් තොල් වියලීම වලක්වා ගත හැකිය. එපමණක් නොව ශරීරයේ කෘෂ්ට ඇත්නම් ඒවා පිරිසිදු කර ගැනීමට හා සුව කර ගැනීමට මෙය ඉවහල් කර ගත හැකිය. ඒ කෘෂ්ට සහිත ස්ථානය කපු රෙදි කැබැල්ලකට අයිස් කැට එක් කර හොදින් එම ප්‍රදේශ සම්බාහනය කිරීමෙන්.

මේ ආකාරයට අයිස් කැට සත්කාරය තුලින් මුහුණේ ප්‍රසන්න පෙනුම වඩාත් උද්දීපනය කර ගැනීමට ඔබට ඉතා පහසුවෙන් හැකියාව පවතින බව මේ කරුණු තුලින් මනාව වැටහේ.


News Articles
Latest Videos
Most Popular Post