News Line| Off Air
Generic placeholder image

Aug
24

ලොව විශාලම කබල්ලෑවා

2326 Views


ලොව විශාලම කබල්ලෑවා

රාත්‍රී කාලයේ සක්‍රීය හැසිරීමක් පෙන්වන, නිශාචර සත්වයෙකු වීම සහ සීමිත ව්‍යාප්තියක් සහිත සත්ත්වයෙකු නිසා බොහෝ දෙනෙකුට කබල්ලෑවා දැක ඇති බොහෝ දෙනෙක් නොමැත. නමුත් මෙම සත්වයා ලෝකයේ නීතිවිරෝධී වෙළෙඳාමට වඩාත්ම ලක්වන ක්ෂීරපායි සත්ත්වයා ලෙස සැලකේ.

ලොව පුරා කබල්ලෑවන් විශේෂ අටක් සිටින අතර ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ “ඉන්දියානු කබල්ලෑවා” නමැති විශේෂය වනවා.

ලෝකයේ විශාලම කබල්ලෑවන් වෙන්නේ අප්‍රිකාවේ ජීවත්වන යෝධ කබල්ලෑවා වන අතර එම විශේෂයේ දැනට වාර්තා වී ඇති උපරිම දේහ බර සහ විශාලත්වයට වඩා වැඩි සත්ත්වයෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී තිබෙනවා. මෙම සත්ත්වයා හමුවී ඇත්තේ මන්නාරම් ප්‍රදේශයෙනි.

ශ්‍රී ලංකාවෙන් සොයා ගත්ත ද එම සත්ත්වයා මේ වන විට කිසිවෙකුටත් සජීවීව දක්නට හැකියාවක් නොමැති අතර ඊට හේතුව දැනටමත් දඩයක්කරුවෙකුගේ ගොදුරක් බවට පත්ව තිබෙන බැවිනි.

මෙසේ කබල්ලෑවන් ගැන පරීක්ෂණ 2014 වසරේදී තේමාවන් තුනක් ඔස්සේ ආරම්භ කරන ලද අතර හැසිරීම් රටාව, ජිවත්වන පරිසර තත්ත්වයන් සහ සංරක්ෂණයට තියෙන ප්‍රධාන ගැටලු හඳුනා ගැනීම් එම පරීක්ෂණ ඔස්සේ සිදු කළා.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post