News Line| Off Air
Generic placeholder image

Aug
25

සෞඛ්‍යයට හානි කරන ලැව්ගිනි

1817 Views


සෞඛ්‍යයට හානි කරන ලැව්ගිනි

ඈතින් බලන විට අඳුරු වනාන්තර හරහා ගමන් ගන්නා රන්වන් රේඛාවක් ලෙස පෙනුනත් ලැව්ගිනි පැතිරීම ඉතා බයානක දෙයක් වනවා. මෙසේ ආසන්න වශයෙන් ගින්නක් ඇති වූ ප්‍රදේශයක් ලෙස සයිබීරියාවේ ක්‍රස්නොයාර්ස්ක් ප්‍රදේශයේ ඇති වූ ගින්න හැදින්විය හැකි අතර එමගින් ඇතිවූ විනාශය අති විශාල මෙන්ම දරුණුද වනවා.

ගිනිදැල් බිත්තියක් ආකාරයෙන් වෘක්ෂලතාදිය වටකර ගනිමින් වනය පුරා පැතිර යයි. එයට පිටුපසින්, ගිනිගත් ගස් කළු පැහැති කණු මෙන් නැගී සිටින අතර දුමාර තීරු වාතය යටපත් කරගෙන ඉහළට නැගෙමින් පැවතුණි. චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණයට අනුව 2020 ආරම්භයේ සිට රුසියාව ලැව් ගින්නෙන් හෙක්ටයාර් මිලියන 19 ක් (වර්ග සැතපුම් 73,359) විනාශ වී තිබෙනවා.

මෙසේ ලැවුගිණි නිසා ඇතිවන හානිය මෙතෙකැයි විස්තර කල නොහැකි වන අතර මෙමගින් සිදුවන එක් බරපතල විනාශයක් ලෙස වනාන්තර වල පවතින ජල උල්පත් හෝ ජල ප්‍රවාහ විනාශ වීම දැක්විය හැකිය. එමෙන්ම ගින්නට හසු වූ සතුන් මෙන්ම දුමාරය මගින් පරිසරයට සිදුවන හානියද අති විශාලය. ගිනිදැල් මිනිසුන් වාසය කරන ප්‍රදේශ කරා ළඟා වූ විට, එම ගින්දර ගමන් ගන්නා මාර්ගයට හසු වීමට තරම් අවාසනාවන්ත අයගේ ජීවිත හා නිවාස බොහොමයක් ඇස් පනාපිට විනාශ වී යයි.

2020 මුල් මාස කිහිපය තුළ ඕස්ට්‍රේලියාව ඉතිහාසයේ දරුණුතම ලැව්ගින්න සමය සමඟ පොරබදමින් සිටියා. එය පුද්ගලයින් 33 දෙනෙකුගේ ජීවිත බිලිගත් අතර නිවාස දහස් ගණනක් විනාශ කර හෙක්ටයාර් මිලියන 18 ක් (වර්ග සැතපුම් 69,500) පුළුස්සා දැමීමට සමත් වුණා. සතුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඉතිරි වුවන් අවතැන් විය. මෙම අගෝස්තු මාසයේදී, අකුණු සැර දහස් ගණනක් කැලිෆෝනියාව පුරා ඇති වූ අතර ලැව්ගින්න මගින් සිය ගණනකගේ ජිවිත වලට බලපෑම් එල්ල වන ලදී.

විශාල ලැව්ගිනි වලින් පිටවන දුමාරය ලොව පුරා පැතිර යා හැකි අතර මෙම සයිබීරියාවේ ඇති වූ ලැව් ගින්නෙන් ඇති වූ ධුමාරයට මාස ගණනාවක් තිස්සේ අවට නගර යටපත් වී ඇති අතර එය පැසිෆික් සාගරය පුරා පැතිරී ඇලස්කාවට පැමිණ තිබෙනවා එමෙන්ම මෙම දුමාරය හේතුවෙන් වාතයේ ගුණාත්මක භාවය බලා සිටියදී නැති කිරීමට සමත් වනවා.

මෙම දැවීම් වාතයට එකතු වීමෙන් ඇතිවන වෙනස් කම් නිසා මීතේන් හා රසදිය ඇතිවී ඒවා විෂ සහිත අපවිත්‍ර ද්‍රව්‍ය සමඟ වායුගෝලයට එක්වී ඉහළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් නිකුත් කරයි. ගින්න වඩාත් පුලුල්ව මෙය පැතිර ඇති නිසා මෙමගින් පරිසරයට ඇතිවන හානිය ගින්නෙන් ඇතිවන හානියට වඩා බරපතල වනවා.

ලැව්ගිනි නිසා PM2.5 නමින් හැඳින්වෙන සියුම් අංශු විශාල ප්‍රමාණයක් නිපදවන අතර මිනිස් සෞඛ්‍යයට විශේෂයෙන් හානිකර නැනෝ අංශු පවා ඇත. මෙයට බොහෝ දුරට හේතු වී ඇත්තේ කුඩා හා දැකීමට නොහැකි තරම් අංශු ආශ්වාස කරන විට පෙනහළු පටලවලට යාමෙන්, ශ්වසන පද්ධතියට හානි කිරීම සහ රුධිර ප්‍රවාහයට ගමන් කර ශරීරය පුරා ගමන් කිරීම විවිධ ලෙඩ රෝග ඇති කිරීමට සමත් වනවා.

කෙටිකාලීනව, එය කැස්ස, හුස්ම හිරවීම සහ ඇදුම රෝග බොහෝ සේ ඇතිවිය හැකියි. ඕස්ට්‍රේලියාවේ 2019 අවසානයේ ඇති වූ ලැව්ගිනි අතරතුර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් රෝහල් ගතවීම 34% කින් ඉහළ ගොස් තිබෙන්නේ මේ හේතුවෙනි.

විශේෂිත පදාර්ථ දිගුකාලීන ගැටළු රාශියකට සම්බන්ධ වී ඇති අතර, දැවිල්ල වැඩි වීම සහ හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් මෙමගින් දක්නට ලැබෙනවා.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post