News Line| Off Air
Generic placeholder image

Aug
25

හදවත් නතර කල සැත්කම

557 Views


හදවත් නතර කල සැත්කම

මීට අවුරුදු 70 කටත් අඩු කාලයකට පෙර හදවත් සැත්කම් මුළු ලෝකයටම අලුත් සංකල්පයක් විය. එනම්, ශල්‍ය වෛද්‍යවරුන් එක්ව මෙම අභියෝගයට විසඳුමක් ලබා දී මෙය ජීවිතාරක්ෂක ක්‍රමවේදයන් ලෙස භාවිතා කිරීම සඳහා මාවත සකස් කිරීමට අවශ්‍ය විය.

මෙයට මුල්ම පියවර තබුනේ 1952 සැප්තැම්බර් 2 වන දින මිනසෝටා හි මිනියාපොලිස් විශ්ව විද්‍යාල රෝහලේදීය. සිහින් හා දුර්වල පෙනුමක් ඇති පස් හැවිරිදි දරුවෙකු වන ජැකලින් ජොන්සන් මෙම ප්‍රථම සැත්කම සඳහා යොදාගෙන තිබුණා.

ඇගේ හදවතේ ඉහළ කුටි අතර සිදුරක් ඇති බව හඳුනාගත් ඇගේ දෙමව්පියන්ට පවසා ඇත්තේ ඇයට ජීවත් වීමට මාස කිහිපයක් පමණක් ඇති බවයි. ඔවුන් පර්යේෂණාත්මක සැත්කම් සඳහා කැමැත්ත පළ කර ඇත්තේ ජැකලින් පණපිටින් එනු ඇතැයි සහතිකයක් නොමැතිව වනවා.

දරුවා නිදාගත් පසු, ශල්‍ය වෛද්‍ය කණ්ඩායම ඇයව ප්‍රවේශමෙන් නලවලින් ආවරණය කර ඇති බ්ලැන්කට්ටුවලින් ඔතා වන අතර බ්ලැන්කට් සීතල වතුර මගින් ජැකලින්ගේ උෂ්ණත්වය 28ºC (F) දක්වා පහත වැටීමට සලස්වා එය නිරීක්ෂණය කර තිබෙනවා. මෙහිදී සාමාන්‍යයට හෘද ස්පන්දනයට වඩා ඇගේ හෘද ස්පන්දනය මන්දගාමී වී තිබෙනවා.

න්‍යායට අනුව මෙම හයිපෝතර්මියා තත්වය ගැහැණු ළමයාගේ ඔක්සිජන් අවශ්‍යතාවය අඩු කර තිබු අතර ශල්‍ය වෛද්‍ය ජෝන් ලුවිස්ට ඇගේ හදවත කපා ගැනීමට, එය කපා දැමීමට, අඩුපාඩුව හඳුනා ගැනීමට, සිදුර මැසීමට හා තුවාලය වැසීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වී තිබුණා.

ඒ අනුව විමසීම් කල පසු ඔහුට ඇත්තේ මිනිත්තු හයක පමණ කාලයක් බව වැටහී ගිය අතර ඕනෑම ප්‍රමාදයකින් ජැකලින්ගේ මොළය සහ අත්‍යවශ්‍ය අවයව ඔක්සිජන් සාගින්නෙන් පෙළී දැඩි ලෙස මොළයට හානි වීමට හෝ මිය යාමට බොහෝ ඉඩ ඇති බව වෛද්‍යවරුන්ට වැටහුණා.

එහිදී මිනසෝටා විශ්ව විද්‍යාලයේ ශල්‍යකර්ම පිළිබඳ මහාචාර්ය පෝල් ඉයිසෝ පැවසුවේ “මෙය නවීනතම තත්වයක්” බවයි. නමුත් මිනිසුන් සීතල වතුරේ ගිලී ගිය බවට ඉතිහාසයේ කථාන්දර තිබුණත් පැය ගණනාවකට පසුව ඔවුන්ට නැවත පණ ගැන්වීමේ හැකියාව ඇති බව වෛද්‍යවරුන් අවබෝධකරගෙන සිටියා. එබැවින් ගැඹුරු හයිපෝතර්මියාව ආරක්ෂිත බව ඔවුන් තුල දැඩි විශ්වාසයක් තිබුණා.

ජැකලින්ගේ පපුව විවෘත කරමින් ලුවිස් ඇගේ හදවත වටා ඇති රුධිර නාල ඉවත් කර වෛද්‍යවරුන් සැත්කම ආරම්භ කළා. නියමිත කාලය ඇතුලත සැත්කම සම්පූර්ණ කරන අතර පසුව දැරියව උණුසුම් ජලය ස්නානයකට ඔසවා තැබුවා. පසුව ඇගේ ශරීර උෂ්ණත්වය යථා තත්ත්වයට පත්වීමට පටන් ගෙන තිබූ අතර දින එකොළහකට පසු ඇය රෝහලෙන් පිටව යනු ලැබුවා.

හදවතේ සිදුරක් තිබීම මීට පෙර ස්වභාව ධර්මයෙන් ලැබුන මරණ දඬුවමක් ලෙස සලකනු ලැබ තිබුණත් මෙම සැත්කමෙන් පසු එම අදහස වෙනස් කිරීමට වෛද්‍යවරුන් සමත් වී තිබුණා.

පසුගිය අවුරුදු 70 තුළ ශල්‍යකර්ම වල දියුණුවක් ඇතිවී තිබුණත්, විවෘත හෘද සැත්කම් වල අවදානමක් නොමැති බව කිව නොහැක. නමුත් මෙම පළමු සැත්කමට සහබාගී වූ වෛද්‍යවරුන්ගේ අදහස හදවත් සැත්කම අවසන් කළ පසු රෝගියාගේ හදවත නැවත ක්‍රියාශීලි වන විට දැනෙන හැගීම පුදුමාකාර බවයි.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post