නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය මඟින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවත් මහජන ගැලරිය නැවත විවෘත කෙරෙන දිනය සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දී දැනුම් දෙන බවත් වැඩිදුරටත් සඳහන්.