නිරෝධායනය අවසන් කොට නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ගැබිණි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මෙම වෛරසය ආසාදනය වී ඇති කාන්තාව හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරිනියක් වන අතර කරන ලද PCR පරීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබෙනවා. මෙම කාන්තාව ඩුබායි හි සිට මෙරටට පැමිණ වව්නියාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ සිටි කාන්තවක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.