අනාගත දිනයක ඔබට කෙසේ හැඟෙනු ඇත්දැයි ඔබ සිතන විට, ඔබ සිතන ආකාරය අතීත අත්දැකීම් මෙන්ම රාමුවකට කොටුවූ සිතුවිලි සමුදායක් මිශ්‍ර වී ඇති බව ඔබට හැගෙන්නට පුළුවන්.
වර්තමානයේ අප ගත කරන ජීවිතය ගැන මේ දිනවල විශාල කතාබහක් ඇති අතර, එක් දිනක් කාර්යබහුල කාර්යාලයකට හෝ ව්‍යායාම් ශාලාවට හෝ රංග ශාලාවට යාම ගැන අපට හැඟෙන්නේ කෙසේද? සමහර දේවල් සමහරු පවසන්නේ එවැන්නක් පිළිබඳව නැවත කිසි දිනෙක සිදු කිරීම ගැන සිතාගත නොහැකි බවයි.
අනාගතය පිළිබඳව අප වර්තමානයේ ගන්නා තීරණවල හරි වැරැද්ද කෙසේ නිශ්චය කර ගත හැකිද ? එසේ ගන්නා ලද තීරණයක් වැරදුනොත් ? මෙයින් අදහස් කරන්නේ අප සැමවිටම අපගේ ජීවිත පිළිබඳව හොඳම තීරණ නොගන්නා බවද ?
අනාගතයේදී අපට කෙසේ හැඟෙනු ඇත්දැයි අනාවැකි කීමට අප උත්සාහ කරන විට, ස්වාභාවිකවම අපි අතීතය මඟ පෙන්වීමක් ලෙස භාවිතා කිරීමට උත්සාහ ගැනීම වරදක් නොවේ. නමුත් අපි වසර ගණනක් සිදු කල ක්‍රියාවක් වුවද එය වැරද්දක් ලෙස හැගී ගියහොත්, වෙනස් කිරීමට මැලි නොවිය යුතුය. උදාහරණයක් ලෙස අපි වසර ගණනාවක් තිස්සේ කර ඇති දුම්රිය ගමන් සිය ගණනක් කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා, ලබන වසරේ දුම්රිය ගමන කුමක් විය හැකිදැයි අපි සිතන්නේ නම්, ගොස් අවසන් ගමන නොව අපගේ නවතම ගමන සලකා බැලිය හැකිය.

වෙස්මුහුණු දමාගත් මිනිසුන් කොතෙක් මේ ජීවිතයේදී අපට හමුවේදැයි කිව හැකි නොවේ. එමෙන්ම සමාජයේ ඇති උගුල් වලින් බේරීමට අපට කොපමණ කාලයක් වෙස්මුහුණු පැළඳිය යුතුදැයි අපහට අදහසක් පවා නොමැත.
හාවඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥ ඩෑන් ගිල්බට් සොයාගෙන ඇත්තේ සිද්ධීන් සලකා බලන විට අපගේ සංජානන ක්‍රියාවලීන්ගේ අන්තයට, පළමු හා වඩාත්ම මෑත කාලීන සිදුවූ දත්ත ගැනීම වාසිදායක බවයි. මෙය “බලපෑම් නැඹුරුව” ලෙස හැඳින්වෙන අතර එය සිදුවීමක ප්‍රධාන අංග කෙරෙහි අවධානය යොමු කිරීමට ද හේතු වී තිබෙනවා.
අනාගතයේ සිදුවීමක් ධනාත්මක වනු ඇතැයි අප අපේක්ෂා කරන විට, අපි ලැබිය හැකි හොඳ ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කිරීම සාමාන්‍ය දෙයක් නමුත් එය ඍණාත්මක විය හැකි විට, නරක ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු වීම අපගේ අපේක්ෂාවන් යටපත් කිරීමට සමත් වී තිබෙනවා.
මෙම ඍණාත්මක අදහස් බොහෝ විට පවතින්නේ කෙටි කාලයකි. එම නිසා ඔබට මෙය සුභවාදීව අර්ථ නිරූපණය කළ හැකිය. එයින් අදහස් වන්නේ අප බලාපොරොත්තු වන තරම් නරක කිසිවක් නොමැති බවයි.
නමුත් බලපෑම් නැඹුරුව වැරදි තීරණ ගැනීමට අපව යොමු කරයි. ඔබ ඔබේ අරමුණුවල උපරිම අත් කර ගැනීමේදී, ඔබ දැනටමත් මූල්‍යමය අවශ්‍යතාවයන් කළමනාකරණය කරමින් සිටියේ නම්, ඔබේ පැරණි රැකියාවට ආදරය කළේ නම්, ඔබේ සගයන් හොඳ මිතුරන් වූයේ නම්, ඉදිරියට යාම හොඳම පියවර නොවන ලෙස ඔබට හැගී යාමට පුළුවන්. ඔබ එලෙස එකම තැනක රැදී සිටීම අත්දැකීම් හෝ කාලය මිඩංගු කිරීම හෝ අන් අය වෙනුවෙන් මුදල් වියදම් කිරීමකි.

අපගේ හැඟීම්වල ශක්තියට අනාගතය අධිතක්සේරු කිරීමේ ප්‍රවණතාවක් ද ඇත. මේ සඳහා කරන ලද පරීක්ෂණයකදී එක්සත් ජනපද සිසුන්ට තම විද්‍යාලීය පාපන්දු කණ්ඩායම ජයග්‍රහණය කළහොත් හෝ ඔවුන්ගේ ඊළඟ තරගය පරාජයට පත් වුවහොත් ඔවුන්ට කෙසේ හැඟෙනු ඇත්දැයි පුරෝකථනය කරන ලද අධ්‍යයනයක දී දින කිහිපයකට පසුව ඔවුන්ට සැබවින්ම හැඟුණේ කෙසේදැයි විමසූ විට, ඔවුන් සියලුදෙනාම ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ගේ සතුට අධිතක්සේරු කර තිබේ.
අහිමි වීමේ ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීම ඔවුන්ට හැගී තිබුණේ මුල සිටම ජයග්‍රහණයේ සතුට භුක්තිවිදීම මෙයට හේතුව වන්නට ඇති බවයි. එනම් හොඳ හෝ නරක ඔවුන්ගේ මනෝභාවයට බලපෑම් කිරීම හේතුවෙන් සිදුවිය හැකි අනෙක් සියල්ල ඔවුන්ට අමතක වී ඇති බවයි.
මෙම තත්වයන් ගැන සිතා බැලීමේදී නිගමය කර ඇත්තේ මිනිසුන් ආරම්භක බලපෑම කෙරෙහි අවධානය යොමු කරන නමුත්, මෙම හැඟීම් දිගු කල් පවතිනු ඇතැයි උපකල්පනය කල නොහැකි බවයි. ඔවුන්ගේ හැඩගැසීම සිදුවන්නේ ඔවුන්ටත් නොදැනීය. ප්‍රීතිය හෝ බලාපොරොත්තු සුන්වීම පිළිබඳ මෙම ආරම්භක සංවේදනයන් කෙටි කලකින් පහව යනු ඇත.
පොදුවේ මෙය හොඳ දෙයකි. එමගින් අපගේ මානසික ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපව ආරක්ෂා කරයි. අපව ආරක්ෂිතව තබන තීරණ ගැනීමේ අන්තයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට මනස කටයුතු කරයි. නමුත් දේවල් සැලසුම් සහගතව නොකල විට ඉදිරියට යාමට අනුවර්තනය වීමට නොහැකි වීමට ඉඩ ඇති බව අප මතක තබා ගත යුතු වනවා.
මුලාශ්‍රය – BBC