මේ වන විට දැඩි කතාබහට ලක්ව තිබෙන සිංහරාජය හරහා ඉදිවෙන මාර්ගයක් ගැන කියවෙන කතාවේ එනම් නෙළුව – ලංකාගම – දෙනියාය මාර්ගය පිලිබදව කවුරුත් නොදත් කතාවක් කියන්නයි මේ හදන්නේ. ඒ පසුගියදා එම ලංකාගම ගම්වාසීන් කරන ලද ඉල්ලීමකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත මෙම මාර්ගය සංවර්ධනය කිරීමට ආරම්භ කළා. නමුත් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුවන අතරතුර එයට විරෝධය පල කරමින් ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය හා ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ගෙන යන ඇතැම් ප්‍රචාර හේතුවෙන් එම සංවර්ධන වෙමින් තිබු මාර්ගයේ වැඩ කටයුතු තාවකාලිකව නතර කිරීමට ජනපතිගේ තීරණය කළා.
මෙම මාර්ගය පිලිබදව සහ මෙම ඇති වී තිබෙන මතවාදය පිලිබදව අදහස් දක්වන ලංකාගම ගම්වාසීන් සදහන් කරන්නේ අදාල මාර්ගය 1970-1977 කාලයේ ලකුණු කරන ලද මාර්ගයක් බවයි. ලංකාගම සිට දෙනියාය දක්වා ප්‍රධාන මාර්ග දෙකක් තිබෙන බවත් එයින් පළමු මාර්ගය ලංකාගම සිට සිංහරාජ රක්ෂිතය මැදින් වූ මාර්ගය හා ලංකාගම සිට දොඹගොඩ හරහා දෙනියාය දක්වා වූ දැනට ට්‍රැක්ටර් රථ වලට පමණක් ගමන් කළ හැකි මාර්ගයයි. මෙම මතවාදයට තුඩු දී මාර්ගය වන්නේ දොඹගොඩ හරහා දිවෙන ට්‍රැක්ටර් රථවලට පමණක් ගමන් කළ හැකි මාර්ගයයි.
මෙම ගම්වාසීන් ඉතාමත් කටුක ජීවතයක් ගත කරන බවත් එමෙන්ම මේ අනුව ඔවුන් හට තදින්ම සංවර්ධනය වූ මාර්ගයක අවශ්‍යතාවය තදින්ම දැනෙන බවත් තම දුෂ්කරතාවලට කන් දුන් ජනාධිපතිතුමා සංවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කල මෙම මාර්ගය කරුණු හරි හරි නොදත් පුදගලයින් විසින් සිදු කරනු ලබන ප්‍රකාශ පිලිබදව අතිශය කණගාටු වන බවයි එම ගම්වාසීන් වැඩි දුරටත් සදහන් කරන්නේ. හැකි ඉක්මනින් මේ මාර්ගය නැවත සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් කිසිදු ආකාරයක වන විනාශයක් මේ තුලින් සිදු නොවන බවයි ඔවුන් තරයේ ප්‍රකාශ කරන්නේ.