News Line| Off Air
Generic placeholder image

Aug
27

පළමු ශ්‍රේණියේ සිසුන්ගේ නිල ඇඳුම් පිලිබදව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

580 Views


පළමු ශ්‍රේණියේ සිසුන්ගේ නිල ඇඳුම් පිලිබදව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඒ අනුව වලංගු කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කළ බවයි.

මෙම තිළිණපත්වල වලංගු කාලය 2020 අගෝස්තු 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර, රට තුළ පැවති වාතාවරණය සැලකිල්ලට ගෙන සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ඇති කාලය තවදුරටත් ලබාදීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post