News Line| Off Air
Generic placeholder image

Aug
27

පුරාණ ඩයිනෝසෝර් ගස් බේරා ගැනීමේ සටන

1634 Views


පුරාණ ඩයිනෝසෝර් ගස් බේරා ගැනීමේ සටන

මෙය ලෝකයේ පැරණිතම හා දුර්ලභ ශාක වලින් එකක් වන අතර, එය වනයේ වැඩෙන එකම ස්ථානය ඕස්ට්‍රේලියාවේ ඉහළ ප්‍රදේශයේ පවතින රහසිගත වැසි වනාන්තර වනවා.

2019 දෙසැම්බර් 15 වන දින ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි නිල් කඳුකරයේ ගිනි නිවීමේ මෙහෙයුමක් වැරදී යාම මේ ගස් වලට හානි ගෙනදෙන ආසන්නතම සිදුවීම විය. අක්‍රමවත් බව හා තද සුළං මගින් පසුපසට ගිනි තැබීම මෙම වැරදීයාමට හේතු වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ස්වාභාවික නිධානයන්ගෙන් එකක් වන ටෝමා කන්දෙහි පිහිටි නිල් කඳුකර උද්භිද උද්‍යානය තුළ ඇති වගා බිම් හෙක්ටයාර් 28 ක් පුරා පැතිරී ඇති, ශාක විශේෂ 6,000 කට වැඩි ප්‍රමාණයක් සහිත සිසිල් දේශගුණයක් ඇති උද්‍යානයක් වන අතර තවත් හෙක්ටයාර් 244 යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ලැයිස්තුගත කර තිබෙනවා.

ගිණිබත්වවීමෙන් පසුවද උද්‍යානයේ වඩාත්ම වටිනා දේපළ සුරක්ෂිත කිරීමට මිනිසුන් සමත්වී තිබෙනවා. පෘථිවියේ පැරණිතම හා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක වලින් එකක් වන දුර්ලභ වොලෙමි පයින් ශාක එකතුවත් එසේ සුරක්ෂිත කිරීමට උත්සහ ගැනීම විශේෂත්වයක්.

වොලෙමි පයින් ශාක වර්ගයට අයත් වොලෙමියා නොබිලිසිස් සොයා ගැනීම මෑත දශකවල වඩාත්ම කැපී පෙනෙන උද්භිද විද්‍යාත්මක සොයාගැනීම්වලින් එකක් ලෙස සැලකිය හැකි වනවා.

මෙම ශාකය බබ්ලි හැඩයේ, චොකලට් පාට පොතු සහිත උස ශාකයක් වන අතර සෞම්‍ය වැසි වනාන්තර වල පවතින ලෝකයේ දුර්ලභ ගස් වලින් එකකි. එහි පරිණාමීය රේඛාව ගත කල වඳ වී යන ශාකයක් ලෙස දිගු කලක් තිස්සේ නිගමනය කර තිබූ ශාකයක් වනවා. මෙම ශාකයේ ආරම්භය ඕස්ට්‍රේලියානු මහාද්වීපය ගොන්ඩ්වානා භූමි ස්කන්ධයෙන් වෙන් වීමට පෙර, ජුරාසික් හා ක්‍රිටේසියස් යුගයට වසර මිලියන 200 කටත් ඉහත අතීතයකට යයි. මීට වසර මිලියන 40 කට පෙර නැගෙනහිර ඕස්ට්‍රේලියාව පුරා මෙම විශේෂය සුලභව පැවතුනද අද වන විට සැලකිය යුතු භුමි ප්‍රමාණයක් තුල මෙම ශාකය ඉතිරිව පවතී.

වොලෙමි ශාකය සොයා ගැනීමෙන් පසු එවකට සිඩ්නි හි රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂක කැරික් චේම්බර්ස් විසින් විස්තර කරන ලද්දේ මෙය “පෘථිවියේ ජීවත්වන කුඩා ඩයිනෝසෝරයකු සොයා ගැනීමට සමානයි” වන බවයි. අද වන විට මෙම ශාකය ඕස්ට්‍රේලියානු උද්භිද උද්‍යානවල මෙන්ම ලොව පුරා වගා කිරීමට පියවර ගැනීමට හා එහි දිගුකාලීන පැවැත්ම සහතික කිරීම සඳහා කටයුතු කිරීමට පියවර ගැනීමට ඕස්ට්‍රේලියාව පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, වොලෙමි පයින් ශාකය තවමත් දැඩි තර්ජනයට ලක්ව ඇති ශාකයක් ලෙස හැදින්වෙන අතර පරිණත ගස් 100 ට අඩු ප්‍රමාණයක් උද්‍යානය උද්‍යානය තුළ ඉතා රහසිගත ස්ථානයක ඉතිරිව පවතිනවා. අතීතයේ දී මෙම ගස් ගින්නෙන් බේරී ඇති බවට සාක්ෂි හමුවී ඇති බැවින් ඉදිරියේදී එළඹෙන ප්‍රහාරයෙන් වලින් ඒවා ආරක්ෂා කර ගැනීමට මේ වන විට ප්‍රමුඛතාවය දී තිබෙනවා.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post