පොලිස් කොමිසමේ අනුමැතිය අනුව ඉහළ පොලිස් නිලධාරීන් 21 කගේ සේවා අවශ්‍යතාව මත ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරනවා.
මේ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක්, වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරුවරුන් 10 දෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 6 දෙනෙක් මෙලෙස ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.