මේ දිනවල පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී තවත් ලෝක වාර්තාවක් තම නම ඉදිරියේදී සටහන් කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩේවෙන් බ්‍රාවෝ සමත්ව තිබෙනවා. ඒ ලොව විස්සයි විස්ස තරගයන් තුල කඩුලු 500 සීමාව පසු කල පළමු යවන්නා බවට පත් විමෙන්ය.ඒ විස්සයි විස්ස තරග 459 කට සහභාගී වීම තුලින්.
එම වාර්තාවේ දෙවන තැන හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංගටය. ඔහු තරග 339 කදී කඩුලු 389 ක් දවාගෙන තිබෙනවා.