ඈත අතීතයේ පටන් තාක්ෂණික ලෝකයේ මේ දක්වා යම් රටක, ආණ්ඩුවක හදවත වශයෙන් සලකනු ලබන්නේ එම රටේ චරපුරුෂ සේවය හෙවත් බුද්ධි අංශයි.
රටක රහස් ඔත්තු සේවාවේ ශක්තිමත් කම එම රටේ ආරක්ෂාවේ අඩිතාලමයි. රහස් තොරතුරු වශයෙන් දැනගන්නට අවශ්‍ය වන්නේ තම ප්‍රතිමල්ලවයා පිලිබදව රැස් කරගන්නා සියලුම තොරතුරුයි. එනම් රහස් තොරතුරු එක්රැස් කිරීම බුද්ධි අංශයක පළමු සේවාව වන අතර ලොව බොහෝ රටවල් ද අන් රාජ්‍ය තුල සිය බුද්ධි සේවා ක්‍රියාත්මක කරනු ලබනවා. උදාහරණයක් ලෙස තානාපති සේවා හරහා ද බොහෝ විට අන් රටවල රහස්‍ය තොරතුරු උපුටා ගනු ලබනවා.
චරපුරුෂ සේවය අතීතයේ සිටම පැවැත එන්නක් ලෙස සැලකේ. එය බුද්ධි අංශ ලෙස යාවත්කලීන වී ලොව පුරා අද රහස්‍ය ඔත්තු සේවා පවතින අතර ඇමෙරිකාවේ C.I .A , ඉන්දියාවේ රෝ , රුසියාවේ F.S.B ඊශ්‍රයාලයේ මොසාඩ් , බ්‍රිතාන්‍ය M. I 5- 6 , චීනයේ M.S.S යන ඔත්තු සේවා මේ අතර ප්‍රධාන තැනක් ගනී.