News Line| Off Air
Generic placeholder image

Sep
1

බිනර පුන් පොහො දිනය අදයි

668 Views


බිනර  පුන් පොහො දිනය අදයි

භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට(01) යෙදී තිබෙනවා. කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූයේද බිනර පෝය දිනක වීම විශේෂත්වයකි.

අෂ්ඨ ගරු ධර්ම බුදුන්වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපතිගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගරුධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබාදුන්නේද අදවන් දිනකදීය. බිනර පුර පොහෝය නිමිත්තෙන් අද දිවයින පුරා වෙහෙර විහාරවල බෞද්ධ ජනතාව ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post