ලෝකයේ බොහෝ දෙනා අද වන විට මානසික රෝග වලට ගොදුරු වී ඇති බවක් පෙන්නනවා. මිට බොහෝ විට මේ තියෙන සාමජිය වටපිටාවන් සාධක වන අතර අප කොහොමද ඇත්තටම මෙලෙස ඇති වී තිබෙන මානසික රෝග වලින් මිදෙන්නේ කියලා ඇතැමුන් සිතන්න උත්සහ කරනවා.
මේ මානසික රෝග අතර බහුලම අසන්නට ලැබෙන රෝගයක් වන්නේ විෂාදය යි. මෙය මාරාන්තික රෝගයක් බවද වෛදවරු සදහන් කරනවා. මෙම රෝගයටත් ප්‍රධාන වශයෙන් හේතු කාරක වන්නේ ඍණාත්මක දේවල් වැඩිපුර සිතන එකයි. අද අප මේ සටහන් තබන්නේ මේ ඍණාත්මක මනසින් මිදී ධනාත්මක මනසක් ඇති කරගන්න ලේසිම විදිය ගැනයි. ධනාත්මකව හිතෙන මනසක් කියන්නේ, නිරායාසයෙන්ම ධනාත්මක දේවල් ග්‍රහණය කරගන්න, නිරායාසයෙන්ම ධනාත්මක සිතුවිලිම නිපදවන ආකාරයේ මනසකට. මෙන්න මේ වගේ ධනාත්මක දේවල් හිතෙන මනසක් තියෙනවා කියන්නේ , සාර්ථකත්වය හබාගෙන යන කෙනෙට ඉතාමත් වටිනා දෙයක්.
ඔබට මෙලෙස ධනාත්මකව හිතෙන මනසක් නැත්නම් , කියන්නේ ඔබට තියෙන්නේ ඍණාත්මකව තියෙන මනසක්. ඒ තුලින් කියන්නේ ඔබේ මනසට එන සිතුවිලි වලින් වැඩි ප්‍රමාණයක් , ඔබව සාර්ථකත්වයෙන් ඈත් කරන, සාර්ථකත්වය වෙත ලගා වෙන්න අමාරු කරන ආකාරයේ ඒවා කියන එක.
ඒ නිසා ධනාත්මකව හිතෙන මනසක් හදා ගන්නේ කෙලෙසද කියල පොඩ්ඩක් අපි කතා කරමු දැන්.
බොහෝ විට එකිනෙක පුද්ගලයාගේ යටි සිත තුල තියෙන ආකල්පමය තත්වයන් තදින් තැම්පත් වෙච්ච විශ්වාසය මුසු වුන සිතුවිලි අනුව සාමාන්‍යයෙන් මෙන්න මේ ආකල්ප වල ස්වභාවය මත තමයි , අපිට හිතෙන දේවල් , අපි ගන්න තීරන, අපේ ක්‍රියාකාරකම් වගේ බොහෝමයක් දේවල් වැඩි පුරම තීරණය වෙන්නේ. මේ නිසා අපි ආකල්පයන් විශේෂයෙන්ම යටි හිත තුල තියෙන ආකල්පයන් ධනාත්මක කරන්න හැකි වන්නට ඕන. ඔබේ ආකල්ප වෙනස් කිරීම හරහා ඔබට හිතෙන දේවල් වෙනස් කරන එක සරලව ඔබට තේරුම් කර දෙන්නන්. එනම් මෙතැනදී අපි කරන්නේ ඔබට දවසේ සිතෙන මුල්ම සිතුවිල්ල වෙනස් කරන එක. සාමාන්‍යයෙන් අපි උදෑසන අවදි වෙන මොහොතේ ඉදලා පැයක් පමණ කාලයක් තුල හිතෙන දේවල් කියන්නේ අපේ දවසම වෙනස් කරන්න පුළුවන් දෙයක්.
උදෑසන අවදි වෙනකොටම ධනාත්මක දෙයක් ගැන ඔබට ඇසුනොත් දවසම හොදයි වගේ කියන හැගීමක් ඔබට ඇති වෙනවා නේද ? එසේ වන්නේ
ඔබේ ආකල්පයන් අනුවයි. ඔබ උදේ නැගිට්ට ගමන්, ධනාත්මක වදනක් වගේ පුංචි දෙයක් කියවන එක. කියවපු ගමන් හිතට වදින, විශේෂයෙන්ම සාමාන්‍යයෙන් ලෝකයේ ජංගම දුරකතන පාවිච්චි කරන 80%කට ආසන්න පිරිසක් සාමාන්‍යයෙන් අවදි වුන ගමන් කරන පළමු දේ තමයි සිය ජංගම දුරකථනය බලන එක. එසේ නම් ඔබට මේ ධනාත්මක සිතුවිලි ඔබෙන් ජංගම දුරකථන හරහාද ගෙන්වා ගෙන මෙලෙස මෙම අභ්‍යාසයේ නිරත වන්නට පුළුවන්. ඔබේ මනසත් එක්ක කරන අභ්‍යාසයක් වීම හේතුවෙන් ඉතා අවධානයෙන් ඕනෑකමින් මනස ධනාත්මක පැත්තට ගොඩ නගා ගන්නට ඕන.