ජපානයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමගමක් වන ස්කයිඩ්‍රයිව් ඉන්කෝපරේෂන් සමාගම විසින් මිනිසුන් සහිත පියාසර කාරයක් නිපදවා ඇති බව වාර්තා වෙනවා. මෙම නිෂ්පාදිත පියාසර කාරය ටොයොටා පරික්ෂණ ධාවන පථයේදී මහජන ප්‍රදර්ශනය සිදු කරනු ලැබුවා.
මේ පිලිබදව අදහස් දක්වමින් එම සමාගමේ ප්‍රධාන විධායක ටොමොහිරෝ ෆුකුසාවා මහතා සදහන් කරන්නේ මේ හරහා මිනිසුන්ට ආරක්ෂිත සහ සුවපහසු නව ජීවන තත්වයක් අත්විඳීමට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
විදුලියෙන් ක්‍රියාත්මක වන මෙය ඩ්‍රෝන යානයක හැඩයට සමානව නිපදවා තිබෙනවා. 2023 දී සමාගම විසින් පියාසර කාරය වඩාත් ආරක්ෂිතව ගුවන් ගත කිරීමට අවශ්‍ය තාක්ෂණික සංවර්ධනයක් අත් කර ගන්නා බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.