News Line| Off Air
Generic placeholder image

Sep
4

සමාජය මගින් අදහස් සොරකම් කිරීම

9864 Views


සමාජය මගින් අදහස් සොරකම් කිරීම

අද අප භුක්ති විඳින මානව හිමිකම් දිනා ගනු ලැබුවේ පිළිගැනීම ප්‍රතික්ෂේප කළ සුළු ජාතීන්ගේ අරගලයෙනි. එහෙත් ඒ පිළිබඳ කුතුහලයෙන් යුත් මානසික විමුක්තියක් අපට නොතිබෙනවා යැයි කිව නොහැක.

මෙසේ සමාජීය අදහස් පිළිබඳව කරන ලද විශ්ලේෂණය ආරම්භ වන්නේ, සුළුතරයකට ඔවුන්ගේ භූමිකාව වෙනුවෙන් නිසි තැන ලබා දීමට අපොහොසත් වීම විස්තර කරන, සමාජ ගුප්ත කේතනය ලෙස හැඳින්වෙන, ඊටත් වඩා ගැටලු සහගත අදහස් විසර්ජනයකි. එනම් මෙය ආරම්භ වන්නේ නිදර්ශන සිද්ධි අධ්‍යයනයකින් වේ.

1990 දශකයේදී ස්වම්පි නමින් හැඳින්වෙන පරිසර ක්‍රියාකාරිකයෙකු, ඔහුගේ සැබෑ නම ඩැනියෙල් මාක් හූපර් වන අතර ඔහු බ්‍රිතාන්‍ය මාධ්‍ය තුළ ප්‍රකට විය. ඔහුගේ කොණ්ඩය අන් යට වඩා වෙනස් වූ අතර ස්වම්පි ඔහුගේ බාහිර විලාසිතාවන් හේතුවෙන් ප්‍රසිද්ධියට පත් පුද්ගලයෙක් විය. මොහු ඩෙවොන් හි උමං මාර්ගයක රහසිගතව ජීවත් වූ පුද්ගලයෙක් වනවා.

ස්වම්පි බ්‍රිතාන්‍ය පුවත්පත් වලට පුවත් මවන්නෙක් වූ අතර ඔහුව “මිනිස් මවුලය” ලෙස හදුන්වන ලදී. සමහර පුද්ගලයන්ට මෙය ආකර්ශනීය වූ අතර අනෙක් අය කෝපයට පත් වූ බවක් දක්නට ලැබුණා. සමහර පුවත්පත් ඔහුගේ අදහස් වලට එරෙහිව නැගී සිටීම සිදු කළා. මේ අතර එක්තරා රූපවාහිනී දර්ශනයකින් පසුව, ස්වම්පි සහ ස්වම්පෙට්ස් විසින් රචිත “මෝල් ඉන් ද හෝල්” ගීතය සඳහා පටිගත කිරීමේ කොන්ත්‍රාත්තුවක් පවා ලබා දුන් නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණා.

බොහෝ ආකාරවලින්, “පරිසර රණශූරයෙකු” විය යුත්තේ කුමක් ද යන්න පිළිබඳ ප්‍රධාන ධාරාවේ කතා නායකයෙකුට ස්වම්පි ගැලපේ. රොයිටර් පුවත්පත් කලාවේදියෙකු වන පැට්‍රීෂියා රියානි එවකට ලියා ඇති පරිදි, “මඩ සහිත වෙල්ඩින්ටන්, සීරීම් කලිසම් සහ තැළුණු ඇනෝරාක් සමඟ, ඔහු පෙනෙන්නේ නිවාස නැති අය මෙන්.” බවයි.

කුතුහලය දනවන කාරණය නම්, ස්වම්පි ඇත්ත වශයෙන්ම පැවසූ දේ සහ ඔහු විශ්වාස කළ දේ වර්තමාන ප්‍රමිතීන්ට අනුව අසාධාරණ නොවේ. ඔහු එවකට පැවසූ පරිදි: “අපි එදිනෙදා පරිසරය ආරක්ෂා කිරීමට උත්සාහ කල යුතුය. අපි දුප්පත් හෝ ධනවතුන් නොවේ. නමුත් මිනිසුන් එකට එකතු වී, වැඩ කළහොත් පෘථිවිය විනාශ නොවී එය බේරා ගත හැකිය.

යටිතල පහසුකම් සොබාදහමට හානි කරන බවට හෝ ගුවන්තොටුපළ දේශගුණික විපර්යාස උග්‍ර කරන බවටඑවකට ස්වම්පිගේ ප්‍රකාශය අද වන විට ඔප්පු වෙමින් පවතී.

තිරසාරභාවය සහ පරිසරය සඳහා විප්ලව කළ ප්‍රථමයා ස්වම්පි නොව ඔහු සහ ඔහු වැනි තවත් දහස් ගණනක් සමාජ වෙනසක් සඳහා බීජ රෝපණය කළ පුද්ගලයන් සිටිනවා. මුලදී සුළුතර පිරිසකගේ මතයක් ප්‍රධාන ධාරාව බවට පත් වූ විට, බොහෝ විට අනුගමනය කරනුයේ එහි ආරම්භකයින් පිළිබඳ සමාජ තුළ කතා බහක් නොමැති වීමයි. මෙය සමාජ ගුප්තකේතනයයි. සුළුතර අදහස් පැතිරීම පිළිබඳව අධ්‍යයනය කරන ස්විට්සර්ලන්තයේ ලෝසැන් විශ්ව විද්‍යාලයේ ෆැබ්රිසියෝ බුටෙරා පවසන්නේ “පුද්ගල මට්ටමින් එය නොදැනුවත්ව සිදු වන” බවයි. “නමුත් සමාජ මට්ටමින් එය වඩාත් හිතාමතා කළ හැකිය.” යන්නයි.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post