News Line| Off Air
Generic placeholder image

Sep
4

UPDATE – ගිනි ගන්නා නෞකාවේ නවතම තත්වය

1227 Views


UPDATE  – ගිනි ගන්නා නෞකාවේ නවතම තත්වය

ශ්‍රී ලංකාවවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමකට ලක් වුණු MT New Diamond නෞකවේ මේ වන විටත් ගිනි ගැනීමට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. මෙම ගින්න නිවීම සදහාත්, නෞකාවේ ඇති තෙල් ඉන් පිටතට ගැනීම සදහාත් මේ වන විට ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ සහය ලබාගෙන තිබෙනවා. මේ වන විට නෞකාවේ එන්ජින් කාමරය සහ පසුපස කොටසේ ගින්න මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දිය වෙරළ ආරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව මේ වන විටත් මෙහෙයුම් දියත් කරමින් සිටින බව වාර්තා වෙනවා.

මේ අතර ට්විටර් සටහනක් තබමින් ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය සඳහන් මෙම නෞකාවේ මිටර් දෙකක පැල්මක් හටගෙන ඇති බවයි. මේ හේතුවෙන් යම් හෙයකින් නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම ආදී කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි බලධාරීන් වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post