News Line| Off Air
Generic placeholder image

Sep
7

සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය ගැටලුව

456 Views


සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය ගැටලුව

අද වන විට රෝහල්වල ප්ලාස්ටික් භාවිතා කරන ආකාරය පිළිබඳව විමසා බලන්නෙකුට පුදුම සිතෙනු නොඅනුමානය. මෙයට හේතුව එතරම්ම ප්ලාස්ටික් ප්‍රමාණයක් රෝහලකින් ඉවත් කරන බැවිනි.

ශල්‍යාගාරය තුළ, ශල්‍ය කප්පාදුව විවෘතව තබා ගැනීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් රිට්‍රැක්ටර් වැනි උපකරණ එක් රෝගියෙකු සඳහා එක් වරක් භාවිතා කරන ලද අතර පසුව වෛද්‍ය අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටිය අවසානයේ ඉවත දමනු ලැබේ.

අද වන විට සෞඛ්‍යාරක්ෂාවට පරිසරය මඟින් විශාල බලපෑමක් කිරීමට සමත් වී තිබෙනවා. එනම් මෙම ඉවතදමන ද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම හේතුවෙන් පාරිසරික ගැටළු මතුවීමට සමත් වී ඇති අතර විසබීජ හා රසායනික ද්‍රව්‍ය එකතු වීම මගින් මේවා බැහැර කර ඇති ස්ථාන වල විශාල දුගදක් හමනවා. එමෙන්ම රසායනික වශයෙන් පරිසරය ආක්‍රමණය කිරීමට මෙම අපද්‍රව්‍ය පටන්ගෙන තිබෙනවා.

ඇත්ත වශයෙන්ම, ජීවිත බේරා ගැනීමේදී, වෛද්‍යවරයෙකුට වඩාත්ම වටින්නේ ඔහු ඉදිරිපිට සිටින රෝගියාය. හොංකොංහි හෘද රෝග විශේෂ ආර්. රයන් කෝ මහතා පවසන්නේ “සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව මෙන්ම එහි පාරිසරික අඩිපාර ගැන කතා කිරීම ඉතා වැදගත්” බවයි. “නමුත් ඔබ සෞඛ්‍ය සේවයේ පෙරමුණ ගෙන සිටින විට එය වෙනම කරුණක් බවට පත්වන අතර වෛද්‍යවරුන් වශයෙන්, රෝගීන්ගේ ක්ෂණික අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු අතර, එය පළමුව සිදුකලයුතු වන බවයි. ”

තවත් සමහරු පෙන්වා දෙන්නේ පුළුල් අර්ථයෙන් ගත් කල, තිරසාරභාවය යනු රෝගීන්ට උපකාර කිරීම පමණක්ම නොව මිනිසුන් රෝහල් වලට යෑම වැළැක්වීම පිණිස එනම් නිරෝගීව තබාගැනීම පිණිස ගන්නා ක්‍රියාමාර්ග වලද ප්‍රථිපලයක් වන බවයි.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post