විලියම් පාර්ක් විසින් පුරාවස්තු පිළිබඳ ආකල්ප වෙනස් වී ඇති ආකාරය සහ නව පරම්පරාව එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සිදුකල ගවේෂණයක ප්‍රථිපලය බොහෝ දෙනෙකු විශ්මයට පත් කිරීමට සමත් වී තිබෙනවා.
17 වන සියවසේ සිට පැවත එන පෝසිලේන් විලාසිතාවකට ජපානයේ වැසියන් තවමත් ආදරය කරයි. එය නමින් කෝ-ඉමාරි ලෙස හැඳින්වේ. මීට වසර 40 කට පෙර හිකාරු මේඩා නම් පුද්ගලයා සිය පෞරාණික ව්‍යාපාරය ආරම්භ කළ විට, මෙම පැරණි තහඩු සහ පාත්‍ර සඳහා ඇති ඉල්ලුම හොඳ මට්ටමක පැවතී තිබුණ අතර එය අදටත් එලෙසම ශක්තිමත්ව පැවතීම විශේෂිත කරුණකි.
පෝසිලේන් මේ තරම් සියුම් ලෙස, වසර ගණනාවක් තිස්සේ, නිර්මාණ කිරීමට භාවිතා කිරීම ඉතා විශේෂිත කරුණක්. ඉන් සමහරක් කැඩී යනු ඇතැයි අපේක්ෂා කිරීම ස්වාභාවික සිද්දියක් වනවා. කෝ-ඉමාරි පෝසිලේන් භාණ්ඩ අළුත්වැඩියා කිරීමේ නිශ්චිත ක්‍රමයක් ඇත, එය කින්ට්සුගි ලෙස හැඳින්වේ.
පුරාවස්තු වයස්ගත වීම ගැන ජපන් ජනතාව වඩාත් සැහැල්ලුවෙන් සිටීමට තවත් හේතුවක් තිබෙනවා. එනම් ඒවායේ මතුපිට එකතු කිරීම හා ඒවා යලි ප්‍රතිනිර්මාණය කිරීම හෝ යතාතත්වයට පත්කිරීම ඔවුන්ගේ එක්තරා විනෝදාංශයක් ද වනවා.
කෝ-ඉමාරි යනු අප පැරණි වස්තූන් අගය කරන කුතුහලයෙන් හා විවිධාකාරයෙන් යුතු එක් උදාහරණයක් පමණි. බටහිර රටවල, ඊට වෙනස්ව, බොහෝ පෝසිලේන් පුරාවස්තු වීදුරු කැබිනෙට්ටුවල දක්නට ලැබේ.

පුරාවස්තු අප අගය කරන ආකාරය ද මේ මොහොතේ විලාසිතාවන් සහ සංස්කෘතික සම්මතයන් මත පදනම්ව කාලයත් සමඟ වෙනස් වනවා. ඉතින්, පුරාවස්තු පිළිබඳ ආකල්ප අද පරිණාමය වන්නේ කෙසේද? අප ජීවත් වන ඉවත දැමිය හැකි හා ඩිජිටල් යුගය අනාගත පරපුර සඳහා උරුමක්කාරයන් නිපදවිය හැකිද?
සාම්ප්‍රදායිකව, අවම වශයෙන් අවුරුදු 100 ක් පැරණි වස්තූන් පෞරාණික යැයි සැලකේ. නමුත් පුරාවස්තු සඳහා ඇති ඉල්ලුම දශක ගණනාවක් තිස්සේ බටහිර රටවල අඛණ්ඩව අඩුවෙමින් පවතින බැවින් මෙම සංකල්පය වෙනස් වීමක් දක්නට ලැබේ. 2009 දී, නිව් යෝර්ක් හි පෞරාණික ප්‍රදර්ශනයක් වන වින්ටර් ෂෝ, 1969 දක්වා නිපදවන ලද වස්තූන් ඇතුළත් කිරීම සඳහා ඔවුන්ගේ නීති ලිහිල් කළ අතර, සියවසේ මැද භාගයේ ගෘහ භාණ්ඩ සඳහා විලාසිතා ඇතුළත් කිරීමට පෙළඹී තිබෙනවා. පසුකාලීනව, 2016 දී ඔවුන් පුරාවස්තු සඳහා අවම වයස් සීමාවක් නියම නොකරන ලද අතර එසේ කිරීමට හේතුව වී ඇත්තේ සමකාලීන වස්තූන් සඳහා වැඩි ඉල්ලීමක් පැවතීමයි.

එක්සත් රාජධානියේ අභ්‍යන්තර සැලසුම් උපදේශක කැරොලයින් ඩි කබරස් පවසන්නේ “2000 සිට පුරාවස්තු, ලෝකය තුල ක්‍රමානුකුල ලෙස පසුබෑමකට ලක්ව ඇති අතර නැවත සලකා බැලීමේදී එය පැහැදිලිව දැකගත හැකි බවයි. 1990 දශකය වන විට ලොව පුරා පුරාවස්තු සඳහා වූ ඉල්ලුම පෙර නොවූ විරූ ලෙස ඉහළ මට්ටමකට තල්ලු වී තිබුණා. එබැවින් පුරාවස්තු වෙනුවට බොහෝ ගෘහ නිර්මාණ ශිල්පීන් උදාසීන පැතලි ඇසුරුම් ගෘහ භාණ්ඩ වෙත යොමුවීමට පටන්ගෙන තිබුණා.
පසුගිය දශක කිහිපය තුළ, අඩු වියදම් ස්වයං-එකලස් කිරීමේ ගෘහ භාණ්ඩවල වර්ධනය ඒකාකාරී නොවන අතර, පරම්පරා ගණනාවක් තිස්සේ ආදරයෙන් රැකබලා ගන්නවා වෙනුවට, නිතිපතා ආදේශ කරනු ලබන හෝ ඉවත දැමිය හැකි සංස්කෘතියක් ඇති කිරීම සිදුවිය.
එමනිසා බොහෝ අය ඉහළ මට්ටමේ නිර්මාණකරුවන් වී සිටිය හැකි අතර, බොහෝ අය උරුමක්කාරයින්ට වඩා ලාභදායී, ප්‍රතිස්ථාපනය කළ හැකි ගෘහ උපකරණ සඳහා කැමැත්තක් දක්වයි. එය වර්තමාන පරම්පරාවෙන් පසු, පාරම්පරික වස්තුන් පිළිබඳව කිසිවක් ඉතිරි නොවන්නේද යන ප්‍රශ්නය ලෝකය හමුවේ ඉතිරි කරයි.
මුලාශ්‍රය – BBC