හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඔක්තෝබර් මස 29 වන දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඊට අදාල නඩු විභාගය අද කැදවූ ලැබූ අවස්ථාවේය.
එම නඩුව අද(07) සලකා බැලූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නියෝග කළේය.
2014 වසරේදි මෝදර වරාය බදු පදනම මත පුද්ගලික සමාගමකට ලබාදීමෙන් රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය අගෝස්තු මස විත්තිකරුවන්ට එරෙහිව නඩුවක් ගොනුකර තිබුණි