News Line| Off Air
Generic placeholder image

Sep
8

මෙවන් ආත්ම විශ්වාසයක් ඔබටත් තිබේද ?

1102 Views


මෙවන් ආත්ම විශ්වාසයක් ඔබටත් තිබේද ?

ආත්ම විශ්වාසය යනු තමන් ගැන තමන්ට ඇති බලාපොරොත්තුව නැතිනම් විශ්වාසය..මේ දේ අපි හැමෝටම තියෙනවාද කියන එක අපි අපේ හිතින්ම අහන්න ඕන දෙයක්..

ඕනෑම දෙයක් නිවැරදිව සිදු කර ගැනීමට අවශ්‍ය වන පළමු දේ තමයි මේ ආත්ම විශ්වාසය කියන්නේ.. ඒ දේ නැතුව කිසිම වැඩක් සාර්ථකව කර ගැනීමට අපට නොහැකි වෙනවා..මේ ලෝකයේ කවුරුන් අප ගැන විශ්වාස කලද නොකලද අප අප ගැන විශ්වාසය තැබිය යුතුමය..

මේ අතර ධනාත්මකව ඇති වන සිතුවිලි එනම් හැම දේම වුණේ හොදට හැම දේම හොදින් විසදෙයි යන්න සිතු බොහෝ තැන්වල අපට මෙහෙම හිතපු ගොඩාක් තැන්වල අපේ ප්‍රශ්ණ හොදින් විසදුනා නේද? අපේ වචනවල, සිතුවිලි වල පුදුමාකාර ශක්තියක්, බලයක් තියෙන අතර අපිට ජිවිතයෙදී වඩා වැදගත් වන්නේ කායික ශක්තියටත් වඩා වැඩියෙන් අවශ්‍ය වන්නේ මානසික ශක්තියයි. මන්ද හිතේ හයිය තියෙනකොට ගතේ හයිය ඉබේම ඇති වන දෙයක් වීමයි… කායික වශයෙන් නිරෝගී වුවද කම් නැත..මානසික වශයෙන් දුර්වලනම්.. ඒ නිසා සෑම මොහොතකදීම අප හිත හයිය කරගෙන ජිවිතයට මුහුණ දිය යුතු වෙනවා.. ලෝකයේ තියෙන වෙන්න පුළුවන් නරකම දේ සිදු වුවද ඊට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඔබට ඇති කර ගැනීමට එවිට පුළුවන්..

ඔබ ධනාත්මක වීම ඇරඹීමට සියළු දේ ලැබෙනකන් සිටිය යුතු නොවේ, වඩාත් සුදුසුම වන්නේ සියළු දුෂ්කරම අවශ්තාවලදි ධනාත්මක වීමට පටන් ගැනීමයි…. ඒ සදහා සිත හුරු කර ගැනීම පමණයි අවශ්‍ය වන්නේ..

මේ අනුව ඔබට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් නම්.

*අහිමි වීම් හමුවේ නොවැටි සිටිය හැක
*අන් අයගේ වචන හමුවේ නොසැළි සිටිය හැක
*පරාජයන් හමුවේ, ජයග්‍රහණයේ මාවත් තනා ගැනිමට පුරුදු වේ.
*කයෙන් මෙන්ම මනසින්ද ශක්තිමත් පුද්ගලයෙකු විය හැක
*මානසික ආතතිය දුරු වීමට පටන් ගනී
*ජිවිතයේ එන ප්‍රශ්ණ ගැන සුභවාදීව බැලිමට පටන් ගනී
*බොහෝ දුරක ඇතැයි ඔබ සිතු සතුට ඔබට වඩාත් සම්ප වේවි..


News Articles
Latest Videos
Most Popular Post