News Line| Off Air
Generic placeholder image

Sep
8

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

696 Views


ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ආ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් ඊයේ(07) දිනයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබුණා.

මේ අතර මෙම දිවුරුම් විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු සාටක පැළද පැමිණි සිටි අතර දිවුරුම් දෙන අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් වීමට ට ද කටයුතු කළා..


News Articles
Latest Videos
Most Popular Post