අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තය ඇතුළු ප්‍ර ප්‍රාන්ත රැසකම ලැව් ගිනි ව්‍යප්ත වෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ද විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අතර මේ හේතුවෙන් අතුරුදන් වී ඇති පිරිසද ඉහල අගයක් ගන්නා බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
එමෙන්ම මෙම ලැව් ගිනි හේතුවෙන් ලක්ෂ 05 කට ආසන්න ජනතාවක් අවතැන් වී සිටින අතර ගින්න නිසා අක්කර මිලියන ගණනක වනාන්තර විනශයක් සිදුව ඇති බවද වාර්තා වෙනවා.