News Line| Off Air
Generic placeholder image

Sep
14

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක මරා දැමු බිරිදගේ ස්වාමිපුරුෂයාගෙන් පාපොච්ඡාරණයක්

32127 Views


ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක මරා දැමු බිරිදගේ ස්වාමිපුරුෂයාගෙන් පාපොච්ඡාරණයක්

කුවේටයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා සිදුකොට මරා දැමීම සම්බන්ධයෙන් එරට පොලිසිය කුවෙට් යුවළක් පිළිබඳව මේ වන විට
පරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වෙනවා. ඒ අනුව එම පහරදීමෙන් මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි ශ්‍රී ලංකික කාන්තවක් වන අතර කැපුම් සහ පිළිස්සුම් තුවාල සහිතව එම කාන්තාව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අදාල සිද්ධිය පිලිබදව මේ වන විට ප්‍රශ්න කිරීම සිදු කරන අතර එම නිවසේ ස්වාමිපුරුෂයා විසින් කරන ලද පාපොච්ඡාරණය කදී සදහන් ව ඇත්තේ ලාංකික සේවිකාවට මගේ බිරිඳ පහර දුන්නේ ඝාතනය කිරීමේ අදහසින් නොවන බවයි.

සිද්ධිය පිලිබදව මේ වන විට එරට පොලීසය විසින් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.


News Articles
Latest Videos
Most Popular Post