අකුණු අනතුරු අපට මතක් වන්නේ තද වැසි ඇති විටක එනම් ගිගුරුම් සහිත වැසි වහිනකොටයි. නමුත් අකුණු පිලිබදව ඔබ සාමාන්‍යයෙන් දැනගත යුතු කරුණු ගණනවක් තියෙනවා. මේ තුලින් ඔබට අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම සදහා යම් දැනුමක් ලබා ගත හැකිය.
මේ සටහන අකුණු පිලිබදවයි.
සරලව ගත්තොත් අකුණක් කියන්නේ වළාකුළක තියෙන ආරෝපණ භූගත වීමක්. මෙය ඒක හුළඟින් ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවෙන්නත් පුළුවන් වළාකුළු 2ක් එකිනෙක ඇතිල්ලීගෙන යද්දි ඇතිවෙන ඝර්ෂණයෙන් වෙන්නත් පුළුවන් වන අතර එම ආරෝපණ ධන (+) ආරෝපණ සහ ඍණ (-) ලෙස වලාකුළ තුල ගැබ් වී තිබෙනවා. එම ස්ථිති විද්‍යුත් ආරෝපණ වලින් මෙම අකුණු සහිත වලාකුළු charge වන අතර එය හරියට බැටරියක උඩ පැත්ත ධන හා යට පැත්ත ඍණ වගේ ආරෝපණ දෙවර්ගය අන්තර්ගත වී තිබෙනවා.
මේ අනුව අකුණ දී සිදු වන්නේ පෘථිවි පෘෂ්ඨය වළාකුලට සාපේක්ෂව ධන ආරෝපිත වන නිසා වළාකුලේ ඇති ඍණ ආරෝපණ ටික පහළට ඇවිත් එම දෙක අතර ආකර්ෂණයක් ඇති වෙනවා. මේ හේතුවෙන් ඉතින් ඒ පොළවේ ඇති ධන ආරෝපණ ටිකත් ගස් උඩට, ඇන්ටනා වලට, වහලවල් උඩට, අකුණු සන්නායක උඩට වගේ වළාකුලට ලඟම තැන් වලට පුළුවන් තරම් එකතු වී තිබෙනවා. මිනිසුන්ගේ ශරීරයේ 70%ක් විතර ජලය තියෙන නිසා ඒ තුලින්ද ආකර්ශනය උත්සහා ගන්නවා.. මොකද වතුර කියන්නේ හොද සන්නායකයක්.
අකුණු සැරයක උෂ්ණත්වය සෙල්සියස් 20000ට වැඩියි. ඒ උෂ්ණත්වය නිසා අකුණ ගහද්දි ඒ අවට වාතය ක්ෂණිකව ප්‍රසාරණය වෙනවා. ඒක තමයි අපිට අකුණක සද්දෙ විදියට ඇහෙන්නෙ. අකුණක් ගමන් කරන්නේ zigzag විදියටයි.
බොහෝ අයගේ කතාවක් තමයි අපේ ගෙදර trip switch එක නියමෙට වැඩ. පොඩි අකුණක් ගැහුවත් ඕෆ් වෙනවා කියන එක..නමුත් මෙම කතාවේ ඇත්ත තත්වය නම්, ට්‍රිප් ස්විච් එකෙන් වෙන්නෙ. ගෙදර ඇතුලට Live එකෙන් යම්කිසි ඇම්පියර් ගානක විදුලියක් ගිහින් ගෙදරින් එළියට Neutral එක දිගේ එන්නෙ ඊට අඩු ගානක් නම් ඒ කියන්නෙ කාගෙහරි ඇඟ හරහා විදුලිය භූගත වෙලා කියන එකයි. ඉතින් Live එකයි Neutral එකයි අතර වෙනස (කරන්ට් එක වැදුනු කෙනා හරහා යන ධාරාව) මිලිඇම්පියර් 30ක් වෙච්ච ගමන් මුළු ගෙදරටම දෙන විද්‍යුත් සැපයුම ක්ෂණිකව විසන්ධි වන අතර කෙසේ නමුත් ට්‍රීප් ස්විච් එකේ රස්සාව ඔය ගණන් හැදිල්ල කරල අනතුරකදි ඕෆ් වෙන එක මිසක් අකුණු වලින් බේරන එක නම් නෙමෙයි. ඒ නිසා අකුණු ගහන විට ට්‍රිප් ස්විච් එකට අදාල නැති රාජකාරියක් බාරදීලා අකුණු ගහන වෙලාවට TV, Computer දාගෙන ඉන්න අය දැන් වත් පරිස්සම් වැදගත් බව දැන් ඔබට වැටහෙනවා ඇති.
එමෙන්ම තව ගැටළුවක් තමයි Phone එකටත් අකුණු වදිනවද? කියන එක..ඔබ හිතනවා ඇති මේක අහන්නත් දෙයක්ද කියලා. නමුත් වයර් එකකින් connect වුණු ඒ කියන්නෙ Land phones වලට අකුණු වදිනවා. මොකද පාරෙ තියෙන telephone line එකට අකුණක් වැදුනොත් ඒක වයර් දිගේ අපේ ගෙදර ෆෝන් එකටත් එනවනෙ. ඒ නිසා අකුණු ගහද්දි ඒව විසන්ධි කල යුතු අතර Mobile phone වලට අකුණු වදින්නෙ charger එකට ගහල තියෙන වෙලාවට ගෙදරට හෝ පාරෙ power line එකකට අකුණක් වැදුනොත් විතරයි. Charger එකෙන් ගලවගෙන හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද රේඩියෝ තරංග හරහා අකුණු සැර ගමන් කරන්නේ නැති නිසායි.