ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සැප්තැම්බර් මස 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙම ටෙස්ට් තරගාවලිය තරඟ තුනකින් සමන්විතයි.
ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ වන අතර බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු සතියක කාලයක් නිරෝධායන විය යුතුව තිබෙනවා.