දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී 50- 60 අතර පමණ තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.