ලොව වඩාත්ම පැතිර ඇති රෝගයක් ලෙස චර්ම රක්ත රෝගය සදහන් කරනවා. මේ වන විට චර්ම රෝග 2500 ක් පමණ පැතිර ඇති බවද වාර්තා වෙනවා.. මෙම රෝගී තත්වය උපතේ සිට මාස තුනක් ගත වූ පසු ඕනෑම අයෙකුට ඇති විය හැකි රෝගී තත්වයක් වන බවත් ජානමය සාධක මත මෙම තත්වය වැඩි දුරටත් ඇති විය හැකි බවද පැවසෙනවා.
කෙසේ වෙතත් මෙම රෝගී තත්වය බෝ නොවන රෝගී තත්වයක් ලෙස සදහන් වන අතර අද දිනයට යෙදී ඇති මෙම චර්ම රක්ත දිනය සමගාමී ව රෝගය පාලනය සහ මෙම රෝගය පිලිබදව ජනතාව දැනුවත් කිරීම සිදු කරන බව සදහන්.