මත්පැන් මත්ද්‍රවය භාවිතය තුලින් කිසිම යහපතක් සිදු නොවන බව අමතුවෙන් පහදා දිය යුතු කරුණක් නම් නොවේ. එනමුත් එයින් සිදුවන අයහපත ඇති මහත්ය.
අරක්කු බොන ඔබ හෝ ඔබේ හිතවතා හට නොදන්නවනන් මේ කරුණු පිලිබදව අවදානය යොමු කරවන්න..අද අපි කතා කරන්න හිතුවේ මත් පැන් භාවිතා කරන්නන් හට සිදුවන අයහපත පිලිබදව ඔබ සමහරවිට නොදත් කතාවක් කියන්න.
බොහෝ මතට ඇබ්බැහි වූ පුද්ගලයින් අරක්කු බෝතලයක් දැක්කාම තමන්ගේ තරාතිරම, කරන්න තියෙන කාර්ය, සිටින තැන පවා අමතක කරන පිරිසක් අපේ රටේත් ඉන්නවා. කටට දෙකකට බෝතලයම හිස් කරලා සිහි විකල්ව තමන් කාපු බීපු තැන ඉන්න අයටත් පස්සේ බිරිඳට සහ දරුවන්ටත් දස වඳ දෙන මේ පිරිස දිනෙන් දින තම ශරීර කූඩුව දිය කරමින් මාරයාට අත වන ඔවුන් දන්නේ නැහැ..
හැබැයි මත්පැන් නිසා මේ ශරීරය ලෙඩ දෙන්න ගත්තාම ඔවුන්ට විතරක් නෙමෙයි විඳවන්න වෙන්නේ ඔහු වටා ජීවිතයෙන් රැඳිලා ඉන්න හැමෝටමයි.
සතියකට පහේ සිට දහය දක්වා වාර ගණනක් මත්පැන් පානය කරන්නේනම් එම පුද්ගලයාගේ ආයු කාලය මාස හයකින් අඩුවන බව පරීක්ෂණයේ දී හෙළි වී තිබෙනවා.
මේ අනුව මතට ඇබ්බැහිවූවන්ගේ රෝග ලක්ෂණ වන්නේ, හොර රහසේ මත්පැන් බීමට පෙළඹීම. පාලනයකින් තොරව මත්පැන් භාවිතය. දැඩි ගිජු බවකින් යුතුව මත්පැන් භාවිතය. සමහර කාල පරාසයන්වලදී සිදු වූ සිදුවීම් අමතක වීම.නිරතුරුවම බීම ගැන සිතමින් කාලය ගත කිරීම. බඩ පිපීම, කෑම අරුචිය වැනි උදරාබාධවලින් පෙලීම ඇතුළු රෑට නින්ද නොයෑම, බිය සැක හා අනාරක්ෂිත බවකින් ජීවත් වීම ආදිය දැකිය හැකිය.
අධික බීමත්කම හේතුවෙන් අක්මාවේ සෛල විනාශ වී තන්තු වැනි ස්වභාවයකට පත්වේ. එමෙන්ම ගැටිති ස්වභාවයක් ගනී. මෙම තත්ත්වයට පත් වූ විට අක්මාවේ කි‍්‍රයාකාරීත්වය අඩාල වේ. එමගින් උදරය විශාල වේ. මෙය Ascites ලෙස හැඳින්වේ. අක්මාව දුර්වල වූ විට නොයෙකුත් විෂබීජවලට ඔරොත්තුදීමේ හැකියාවක් නැති වේ. එමෙන්ම ශරීර අභයන්තර අවයවවලින් ලේ වහනයවීම සිදුවේ. ලේ වමනය කිරීම එහි එක් ප‍්‍රතිඵලයකි. මොළයට බලපෑම් සිදු වන නිසා මරණය සිදු විය හැකිය.