දිවයිනේ සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත්, විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර
ඇතැම් ස්ථානවලට මි.මී. 50 – 60 අතර තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
එමෙන්ම දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ ,දකුණු පළාත්වලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ඇතිවිය හැකි බවද සදහන්.