News Line| Off Air
Generic placeholder image

Sep
15

තෙල් නෞකාව ආශ්‍රීත මුහුදු ජල සාම්පල වාර්තාව අද නීතිපති වෙත

517 Views


තෙල් නෞකාව ආශ්‍රීත මුහුදු ජල සාම්පල වාර්තාව අද නීතිපති වෙත

ආපදාවට පත් නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රීත මුහුදෙන් ලබා ගත් ජල සාම්පල පිළිබඳ වාර්තාව අද නීතිපතිවරයාට භාරදීමට නියමිතව ඇත. අදාළ නෞකාවේ ඇති සියලු තෙල්වලින් ලබා ගත් තෙල් සාම්පල ද ඊයේ පස්වරුවේ ගොඩබිමට රැගෙන ආ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් මහතා සදහන් කළේය.

එහි සංක්ෂිප්ත වාර්තාවක් නව හිමි සමාගම වෙත කඩිනමින් ලබාදීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි. එම සාම්පල ද වැඩිදුර විමර්ශන සඳහා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත අතර සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ, නෞකාවේ ගින්න මැඩපැවැත්වීමට මෙරට රජය දැරූ වියදම්වලට අදාළ වන්දි තක්සේරු කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා මැදිහත් වූ සියලු පාර්ශව වෙතින් අදාළ තක්සේරු වාර්තා ලබාගැනීමට පියවර ගන්නා බව ද ඒ මහතා වැඩ්දුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post