News Line| Off Air
Generic placeholder image

Sep
21

කඩා වැටුණු පස්මහල් නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක්

658 Views


කඩා වැටුණු  පස්මහල් නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක්

ඊයේ දිනයේ එකම පවුලේ තිදෙනෙකුට කැදවමින් කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු විසින් අදාල සිද්ධිය පිලිබදව ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

මේ වන විට එම පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටුණු අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ සිටි පුද්ගලයින් අනතුරට ලක් වූ පිරිස දැනුවත් නොකර පළා යෑම පිලිබදව බොහෝ දෙනාගේ චෝදනාවට ලක්ව තිබෙන මොහොතක එහි හිමිකරු ඒ පිලිබදව අදහස් දක්වමින් සදහන් කරන්නේ අන් අය දැනුවත් කරන්නට තරම් වේලාවක් තිබුනේ නැති බවත්ය.

‘අපි ටී.වී. බලලා නිදාගන්න ගියා. එතකොට වෙලාව පාන්දර 1.00ට විතර ඇති. පාන්දර එකපාරට ලොකු සද්දයක් ආවා කොහෙන්ද කියලා හිතාගන්න බැරිවුණා. ඒ වෙද්දිම දකුණු අත පැත්තේ ගෙදර දෙන්නා ටෝච් ගහලා අපට කතා කරලා කිව්වා පහළ කොන්ක්‍රීට් කණු කැඩෙනවා වගේ කියලා. ඒත් එක්කම කාමරේ පොළොව ඇද වෙනවා වගේ දැනුණා. පුතා එතකොටම කෑ ගැහුවා අප්පච්චි එළියට එන්න කියලා. මම ෂර්ට් එක්ක හොයලා ඇඳ ගන්න ගමන් ගෙයින් එළියට පැන ගත්තා. පුතා ගෙයින් එළියට පැනලා බල්ලන්ගේ කූඩුවත් ඇරගෙන වාහනය පාරට දාලා තිබුණේ. මම දුවගෙන යද්දී නෝනයි දුවයි පුතයි පාරේ. අපි බලාගෙන ඉද්දිම ගේ සම්පූර්ණයෙන්ම පහළට ඇදගෙන ගියා. කාටවත් කියන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ.’


News Articles
Latest Videos
Most Popular Post