News Line| Off Air
Generic placeholder image

Sep
21

මංතීරු නීතිය අසාර්ථක බව බස් සංගම් කියයි

547 Views


මංතීරු නීතිය අසාර්ථක බව බස්  සංගම් කියයි

අද දිනයේ සිට මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක වුවද නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ නියම කිරීමක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමක් සිදුනොකරන බව නාගරික රථ වාහන කොට්ඨාසය සදහන් කරනවා.

මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එම කොට්ඨාසය පවසයි.

කොළඹ සහ අවට මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දුන් මංතීරු නීතිය පසුගිය සතිය පුරා පෙරහුරු වැඩසටනක් ලෙස ක්‍රියාත්මක කළ අතර උදෑසන 6 සිට උදෑසන 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත් හයිලෙවල් මාර්ගය, නුවර පාර, ගාලු පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය යන මාර්ගවල මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මේ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමකින් තොරව බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක කිරීම තුළින් එය අසාර්ථක වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අදහස් පළ කළේ ය.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ, බස් ප්‍රමුඛතා මං තීරු වැඩපිළිවල හරහා බස් කර්මාන්තය දියුණුවන බවය.


News Articles
Latest Videos
Most Popular Post