මේ වන විට ආරම්භ වී තිබෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට එන ජනතාව පවතින කොරෝනා වෛරසය ව්‍යප්ත වීම වැලැක්වීම සදහා රජය සහ සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් මෙම පොත් ප්‍රදර්ශනය නතර කර දැමීමට හෝ පවතින දින ගණන සිමා කිරීමට සිදු වන බවයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා සදහන් කරනවා.
මිට අදාල වාර්තාවක් මේ වන විට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදුන් බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට අති විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.