News Line| Off Air
Generic placeholder image

Sep
28

පොල් ගෙඩියේ වටප‍්‍රමාණය අනුව පාලන මිල සොයන්න නිලධාරීන් නිරීක්ෂණයක

665 Views


පොල් ගෙඩියේ  වටප‍්‍රමාණය අනුව පාලන මිල සොයන්න නිලධාරීන් නිරීක්ෂණයක

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා පොල් සඳහා පනවනු ලැබූ පාලන මිල නිසි ආකාරව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. දෙමටගොඩ සහ නාරාහේන්පිට නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ ඔවුන් ඇතැම් තැන් වලදී පාලන මිල අභිබවා පොල් මිල ගණන් පැවතුනු බවද පවසන අතර මේ පිලිබදව වෙළෙදසල් හිමිකරුවන් සදහන් කරන්නේ පාලන මිල පැනවීමට පෙර වැඩි මිලට තොග වශයෙන් ලබාගත් පොල් තවමත් වෙළද පොල තුළ පැවතීම නිසා මෙම තත්වය හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත් වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා ගෙඩියක් රුපියල් 60 ක් ද වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා ගෙඩියක් සඳහා රුපියල් 65 ක් ද අගල් 13 ට වැඩි පොල් සඳහා ගෙඩියක් රුපියල් 70 ක් ක් ලෙස පොල් සදහා උපරිම මිලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post