ඊයේ රාත්‍රියේ 10 ට පමණ නින්දටගොස් සිටිය 15 හැවිරිදි දැරියක් අවදි වී බලන විට ඇද මත නොසිටිම නිසා පවුලේ පිරිස අසල්වාසීන් විසින් අදාල දැරිය සොයා මෙහෙයුම් දියත් කර සිටියදී අද කොත්මලාඔයට ජලය ගලා බසිනා නානුඔය ඩෙස්පොඩ් ඇළේ තිබියදී එම දැරියගේ සිරුර හමුව ඇති බව නානුඔය පොලිසිය සදහන් කරනවා.
මහේන්ද්‍රන් යෂෝධා නම් වූ 15 හැවිරිදි පාසල් දැරිය ඊයේ දින පස්වරුවේ බාහිර පන්තියකට සහභාගි විමට නිවසින් ගිය බවට දෙමව්පියන් පැවසුවද කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ එම දැරිය අදාල බාහිර පන්තියට සහභාගී වී නොමැති බවයි.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.